[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

මිථ්‍යාවෙන් මිදුණු ජීවිතයකට

ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව යි. මෙම සූත්‍රය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් උදෙසා දේශනා කළ සේක. ඇසළ පෝදා දෙසූ මෙම දහම සනාතන දහමයි. ඇසළ උදානය එයයි. දම්සක් දෙසුම පමණක් නොව බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුන්ගේ උපත, බෝසතුන්ගේ අභිනික්මන ඇසළ පෝදා සිදුව ඇත. උපසම්පන්න භික්ෂූන් වහන්සේ පෙරවස් සමාදන් වන්නේ ද ඇසළ පෝදා ය. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත ධර්ම කරුණු තුළ බුදුදහමේ මූලික හරය ගැබ්ව ඇත්තේ ය. දම්සක් පැවැතුම් සුත්‍ර දෙසුම ආරම්භ වන්නේ මෙසේ ය. ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ, තත්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛූ ආමන්තේසි ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. ඒ අනුව භික්ෂූන් අමතන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ අන්තගාමි ප්‍රතිපත්ති දෙකක් තුළින් තමන් බැහැර විය යුතු බවයි.


ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]