[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සෙංකඩගලපුර ඇසළ පෙරහරට කප් සිටුවීම 2 වනදා

කිත්සිරි මෙවන් රජ දවස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමඟ දළදා වහන්සේ උදෙසා පෙරහර පැවැත්වීම ආරම්භ විය.ක්‍රමයෙන් විකාශනය වූ පෙරහර අද වන විට මෙරට ජාතික,ආගමික හා සංස්කෘතික වශයෙන් පිළිගැනීමට ලක්වන ප්‍රධානතම මංගල්‍යය බවට පත්ව තිබේ. රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් සලකා රජවරු දළදා වහන්සේ උදෙසා පුද පූජා පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් ය. උන්වහන්සේ උදෙසා පෙරහර මංගල්‍යයක් පවත්වා පූජෝපහාර පැවැත්වීම එකල පටන් අද දක්වා පැවැත එන චාරිත්‍රය කි. මහනුවර රාජ්‍යය සමයේ ලක්දිව උපසම්පදාලත් භික්ෂූන් වහන්සේ නොමැති වීමෙන් ශාසනික පරිහානියක් ඇති විය.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සෙංකඩගල පුර රාජ්‍යත්වයට පත් වීමෙන් පසු වැලිවිට අසරණ සරණ සරණංකර මා හිමියන්ගේ මූලිකත්වයෙන් සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන විත් යළි ලක්දිව උපසම්පදාව ස්ථාපිත කළහ. ඒ වන විට නායක්කාර වංශික රජුන් බලයට පැමිණ තිබීම නිසා ඉන්දියාවේ සිට පැමිණ සිටි ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හා ඥාතීන්ට වන්දනාමාන කිරීමට මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් දේවාල බිහිව තිබිණි.එම දේවාල මූලික කර ගනිමින් පැවැති පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා පෙරහර යළි එක්ව තිබෙන්නේ මහා සංඝරත්නය රජුගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිපලයක් ලෙසිනි. එදා පටන් ශ්‍රී දළදා මාළිගාව මුල් කර ගනිමින් නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන දේවාල පෙරහර මහනුවර නගරයේ සෑම ඇසළ මසකම වීදී සංචාරය කරයි.


ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]