[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නීලගිරි මහ සෑයෙන් සොයාගත් ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනයක් පිළියන්දල මාවිත්තර දී

නීලගිරි මහ සෑයෙන් සොයාගත් ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනයක් පිළියන්දල මාවිත්තර දී

නීලගිරි මහා සෑයේ කැණීම්වලින් සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා පිළියන්දල – මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ දී මහජන පුද පූජාවන්ට විවෘත වේ. එම සර්වඥ ධාතුන් වහන්සේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ප්‍රශාන්ත බී.මණ්ඩාවල මහතාගේ උපදේශකත්වය සහ පූර්ණ දායකත්වය මත ජූලි 12 වන දා පස්වරු 3.00 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිට පිළියන්දල , මහරගම පාරේ විශ්වකලා ක්‍රීඩාංගණය දක්වා වැඩම කරවා, එතැන් සිට මාවිත්තර , සිරි .තිසරණ ධර්මායතනය දක්වා පෙරහරකින් වැඩම කරවන්නේ පුද පූජා සහිත ව ය. එදින සවස සුවිශේෂි ගිලන්පස සම්බුද්ධ පූජාවන් සමඟ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහජන පුද පූජාවන්ට විවර වන අතර, සැම දිනක ම පැවැත්වෙන කිරි ආහාර පුජා, ගිලන් පස පූජා, ඇතුළු සම්බුද්ධ පූජාවන් ද සමඟින් මහජන පුද පූජාවන්ට විවර වේ. ඇසළ මස (ජූලි) 12,13,14,15 සහ 16 වන පුර පසළොස්වක පොහොය දින දක්වා, ජනතාවගේ පුද පූජා උදෙසා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ විවෘත ව පවතී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු නිලධාරින්ගේ මෙන්ම ජනාධිපති අතිරේක ලේකම් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ. කැස්බෑව, ප්‍රාදේශීය ලේකම් කේ.පී. පේමදාස, කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා ,ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරි , පිළියන්දල පොලිස් ස්ථානාධිපති, කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු ඊට සහාය දක්වති.

ඇසළ පුන් පොහෝ දා “සියත” රූපවාහිනියේ” අමා වැස්ස සජීවි පෝදා වැඩසටහන” විකාශයවීමට නියමිත වන්නේද පිළියන්දල, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ සිට ය. ඒ උදෙසා ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි , ආචාර්ය මාවරලේ භද්දිය හිමි, මහාචාර්ය ප්‍රශාන්ත බී. මණ්ඩාවල, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අත්තනායක එම්.හේරත් වැනි විද්වතුන්ගේ පූර්ණ සම්පත් දායකත්වයෙනි.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]