[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සුදුසු වචන භාවිත කරමු

යෝ නින්දියං පසංසති - තං වා නින්දති යෝ පසංසියෝ,
විචිනාති මුඛේන සෝ කලිං - කලිනා තෙන සුඛං න වින්දති
(සං.නි., තුදුබ්‍රහ්ම සූත්‍රය).

තැනට නොගැළපෙන පරිදි දුර්වචන භාවිත කිරීම නිසා යමෙකු පව් රැස් කරගන්නා බව මෙම ගාථාවෙන් ප්‍රකාශ වේ. ඒ අනුව හෙළා දැකිය යුතු තැන, වැරැදි ලෙස දැකිය යුතු තැන එසේ නොකොට ඊට ප්‍රශංසා කිරීමත්, පැසසිය යුතු තැන නින්දා කිරීමත් නිසා වාචික ව පව් රැස් වෙන බවත් ඒ පවින් සැපයක් නොලබන බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙති. සාමාන්‍ය ජීවිතයේ දී අපට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ඔවුන් සමඟ කතාබහ කිරීම වැදගත් වේ. ඇතැමෙක් වචනය අවියක් කර ගනිති. තවකෙනෙක් එය නිවැරැදි ව හසුරුවා ගැනීමට අසමත් වීම නිසා තමා ද අනුන් ද අනතුරේ හෙළති. මෙහි දී වැදගත් වන්නේ වචනය අවියක් හෝ මොන යමක් කරගත්තත් එය නිවැරැදි ව භාවිත කිරීමයි. කිසියම් පුද්ගලයෙකු යහපත් හෝ අයහපත් දැයි දැන ගැනීමට ඔහුගේ කථා විලාසය ඍජුව ම ඉවහල් නොවුණත් , යම් පමණකින් කථාවිලාසයෙන් පුද්ගල ස්වභාවය පෙන්වන බව අපි දනිමු. නිදසුනක් ලෙස ධම්මපදයේ කථාවක එන ‘කුම්භඝෝෂක’ සිටුවරයෙකැයි බ්‍රහ්මදත්ත රජුට දැනගන්නට ලැබුණේ ඔහුගේ කටහඬ අසා සිටීමෙනි. බුදුදහම පෙන්වා දෙන පරිදි කථාබස් කිරීමේ දී වාග්සංවරය ඇති කර ගත යුතු වේ. මෙහි දී වාග්සංවරය යන්නෙන් අදහස් වන්නේ නිහඬ ව සිටීම ම පමණක් නොව, අවස්ථාවට සුදුසු පරිදි නිවැරැදි හා අර්ථවත් වචන භාවිත කිරීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගට අයත් ‘සම්මාවාචා’ යන්නෙන් ද පෙන්වා දී තිබෙන්නේ මෙකී වාග් සංවරය යි. විභංගපාළියෙහි ‘සම්මාවාචා’ යන්න විග්‍රහ කරන්නේ මෙසේ ය.


ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]