[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ජීවිත අවදානමවත් නොතකා මත් උවදුර මර්දනයට නායකත්වය දෙන්නේ මතු පරපුර වෙනුවෙන් - ජනාධිපති

ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. රටත්, ජාතියත් විනාශ කරමින් තිබෙන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉකුත් සිව්වසර පුරා තමා ගෙන ගිය දැවැන්ත වැඩපිළිවෙළට අබපියල්ලක සහයක් ලබා නොදුන් පිරිස් අද මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්ට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට ගත් පියවර හමුවේ තමා වැරැදිකරුවෙකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ද, මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ ලක්ෂ 3 ක තරුණ ජීවිත බේරා ගැනීමට හෝ එම පවුල්වල සාමාජිකයන් දුකින් මුදා ගැනීමට බලයේ සිටිය දී හෝ විපක්ෂයේ සිටිය දී ඔවුන් ඉටු කළ කාර්යය කුමක් දැයි තමා එම සියලු දෙනාගෙන් ප්‍රශ්න කරන බවද ඒ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ඉකුත්දා (1) පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාප්ත සමුළුව සහ බස්නාහිර පළාත් සමුළුව සඳහා එක් වෙමිනි. මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පසුගියදා අවසන් විය.


ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]