[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

තමන් උපමාවට ගන්න

සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ හායන්ති මච්චුනෝ
අත්තානං උපමංකත්වා – න හනෙය්‍ය න ඝාතයේ

ලොව්තුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ජේතවනාරාමයේ දී ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා අරභයා දේශනා කරන්නට යෙදුනු මෙම ගාථා ධර්මය, බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ දණ්ඩ වග්ගයෙහි සඳහන් පළමු ගාථා ධර්මයයි. පින්වතුනි, මාතෘකා කරගත් ගාථා ධර්මයෙහි සරල අදහස වන්නේ “සියල්ලෝ ම දඬුවමට බිය වන බවත්, සියල්ලෝ ම මරණයට බියවන බවත් ය. එබැවින් තමන් උපමා කොටගෙන අන් අයට හිංසා පීඩා නොකරන්න. අන් අය ඝාතනය නොකරන්න” යනුවෙනි. මෙම අදහස් පිළිබඳ විමසීමේ දී ප්‍රධාන වශයෙන් දණ්ඩනයෙහි ආකාර දෙකක් පිළිබඳව සඳහන් වෙනවා. ශාරීරිකව සිදුකළ හැකි දණ්ඩනය හා මානසිකව සිදුකළ හැකි දණ්ඩනය යනු එම කොටස් දෙකයි. මෙම දණ්ඩනයන් දෙකෙහි ම ඵලය මරණයෙන් කෙළවර වීමට පවා බොහෝදුරට අවස්ථාව පවතිනවා. ශාරීරිකව සිදුකරන දණ්ඩනය ඒ අවස්ථාවේ දී වේදනාවක් ගෙන දුන්න ද, මානසිකව සිදුකරනු ලබන දණ්ඩනය ඉන් එහා ගිය තත්ත්වයක් ඇතිකිරීමට හේතුවක් විය හැකියි. එහි බරපතළකම වන්නේ කෙටිකාලීනව ලැබෙන වේදනාවට වඩා දීර්ඝකාලීන වශයෙන් මානසික දණ්ඩනයෙන් වේදනා විඳීමට සිදුවීමයි. ඇතැම්විට මුළු ජීවිත කාලයටම එම තත්ත්වය උදාවීමට හැකි ය. පින්වතුනි මෙම කිසිදු දණ්ඩනයක් බුදුදහම තුළ අනුමත නොකරන බැවින් ඒවායින් අතමිදීම මානව වර්ගයාගේ දියුණුව සඳහාත්, අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සියලු සත්ත්වයාගේ ජීවිත සුරක්ෂිතතාව ඇතිකිරීම පිණිසත් ඉවහල් වන බව පැහැදිලි ය.


පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]