[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 15,16,17 දිනවලදී

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

සැදැහැති දායකත්වය - ඩයලොග් ආයතනය, සිලෝන් බිස්කට් සමාගම , DFCC බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මිහින්තලා ,ලේක්හවුස් ආලෝක පූජාව මෙම මස 15,16,17 දිනවලදී ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම පින්කම් සිදු කෙරෙන අතර මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වෙනුයේ 57 වන වරටය. ඊට සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය දක්වයි. සැදැහැති දායකත්වය ඩයලොග් ආයතනය, සිලෝන් බිස්කට් සමාගම DFCC බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගිනි. මිහින්තලා රජ මහා විහාරයේ වාර්ෂික සති පිරිත් දේශනාව ජුනි 07 වනදා ආරම්භ කෙරිණි. මහාභාරකාර දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් වාර්ෂික සිල් රෙදි පිරිනැමීම ද මිහින්තලා පුදබිමේදී සිදු කෙරේ. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිහින්තලේ පොලිස් ස්ථානය, මිහින්තලේ ප්‍රාදේශීය සභාව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන එම පින්කම් මාලාව සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සංවිධාන කටයුතු සිදු කෙරේ.


පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]