[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඓතිහාසික තිස්සමහාරාම මහා විහාර පෙරහර මංගල්‍යය

පොසොන් පොහොය යනු ශ්‍රී ලාංකේය ජනතාව අභිමානවත්ව සමරන ප්‍රධාන උතුම් පොහෝ දිනයකි. එදින දෙවැනි වන්නේ අසිරිමත් තෙමඟුල සිහිපත් කරන වෙසක් පොහොය දිනයට පමණි. නැකතට දඩ කෙළියේ යාමත්, ගස් ගල් ඇදහීමත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵලලාභී රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට පත් වූයේ පොසොන් පොහෝ දවසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස වෙතින් ලත් මහානීය දායාදය වූ බුදු දහමේ මහිමයෙනි. මහාවංශයට අනුව රෝහණයේ ජනාවාස බිහිවීම ආරම්භ වන්නේ මහානාග යුවරජු රෝහණයට පලා ඒමත් සමගිනි. නමුත් මහාවංශයේ ම ශ්‍රී මහාබෝධි රෝපණය කිරීම පිළිබඳ දක්වා ඇති තොරතුරුවල දී චන්දන ග්‍රාමයේ සහ කාචර ග්‍රාමයේ ක්ෂත්‍රියයන් එම අවස්ථාවට සහභාගී වූ බව සඳහන් වේ. ගෝඨාභය රජු විසින් කතරගම විසූ දසභාතිය රජුන් මරුමුවට පත්කොට ඇත. බුදුරදුන්ගේ ලංකා ගමන ගැන සඳහන් වන අවස්ථාවේ දී, කතරගම, තිස්සමහාරාමය වැනි රුහුණේ විවිධ ස්ථානවලට වැඩම කළ බව සඳහන්ව ඇත. දෙවනපෑතිස් මහරජතුමාගේ මූලිකත්වයෙන් අනුරාධපුර මහා විහාරය ඉදි වූ අතර, කාවන්තිස්ස මහරජතුමාගේ මූලිකත්වයෙන් රුහුණේ තිස්ස මහා විහාරය ඉදි වුණි. 1900 වර්ෂයේ ප්‍රතිසංස්කරණයෙන් පසු මෙම චෛත්‍යයෙහි තවත් සර්වඥ ධාතූන් වහන්සේලා 19 නමක් තැන්පත් කළ බව තිස්ස මහා විහාර වංශයේ සඳහන් වේ.


පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]