[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මව් ගුණසමරු පින්කම් මාලාවක් තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දී

මව් ගුණසමරු පින්කම් මාලාවක් තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දී

සීදුව – රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරි, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රව්දී සීදුවේ සුමනවංස නාහිමියන් ඇතුළු දූදරුවන්ගේ මෑණියන් වූ සීදුව මූකලන්ගමුවෙ විසූ එම්.එස්. පෙරේරා මාතාව පරලොව සැපත්ව වසර 20 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ මව් ගුණසමරු පින්කම් මාලාවක් අනුරාධපුර තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දී මාර්තු මස 23 සහ 24 යන දිනයන්හි පැවැත්වේ.

මාර්තු මස 23 වෙනි දා පස්වරු 4.30 ට තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට, ලක්වැසි සැමටත් ආශිර්වාද කිරීම සඳහා විශේෂ ආශිර්වාද පහන් පූජා ,අටවිසි බුද්ධ පූජා පින්කම් මාලාව පැවැත්වෙන අතර, තන්තිරිමලේ ප්‍රදේශයේ පදිංචි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 5000/- ක පමණ වටිනාකමින් යුතු වියළි සලාක ද්‍රව්‍ය පාර්සල් 200 ක් බෙදාදීමට සංවිධානය කර ඇත.

24 වෙනිදා පෙරවරු 10.00 ට තන්තිරිමලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, දුෂ්කර විහාරස්ථාන 25 ක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා භාණ්ඩ ප්‍රදානය කරන අතර, එදින දවල් පෙරවරු 11.00 ට තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය 25 නමක් විෂයෙහි දවල් දානය පිරිනමා එම්.එස්. පෙරේරා උපාසිකා මාතාව ඇතුළු සැමට පුණ්‍යානුමෝදනාව සිදු කෙරේ.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]