[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අකාලික වූ ශ්‍රී සද්ධර්මය


බහුම්පි චේ සහිතං භාසමානෝ
නතක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝව ගාවෝ ගණයං පරේසං
න භාගවා සාමඤ්ඤස්ස හෝති
(ධම්මපදය – යමක වග්ගය)

තථාගතයන් වහන්සේගේ මෙම උතුම් ඉගැන්වීම සර්වකාලීනව වැදගත් වන ඉගැන්වීමකි. සිව්වනක් පිරිසෙහි ප්‍රමුඛයන් වූ ශ්‍රමණයන් වහන්සේලා ඉලක්ක කොට මෙම දේශනා සිදු කොට තිබේ. එහෙත් මෙය සෙසු පිරිස්වලට අදාළ නොවන්නක් බව ඉන් අදහස් නො කෙරේ. අකාලික වූ සද්ධර්මය අතීතයටත්, වර්තමානයටත්, අනාගතයටත් එකසේ ප්‍රත්‍යක්ෂ වන්නකි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවන් සිදු කිරීමේ දී ශ්‍රාවකයන්ට ඉතා පහසුවෙන් තේරුම් ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායයන් භාවිත කොට ඇත. උපමා උපමේය භාවිතය එහිදී ප්‍රමුඛතම උපාය මාර්ගයක් ලෙස යොදා ගෙන ඇති අයුරු දක්නට ලැබේ. ත්‍රිපිටක ධර්මය තුළ දක්නට ලැබෙන එම උපමා බොහෝමයක් ශ්‍රාවකයාට නුහුරු නුපුරුදු ඒවා නොවේ. එදිනෙදා සමාජයෙහි හා අවට පරිසරය ආශි‍්‍රතව දෛනික අත්දැකීම් හා සංසිද්ධි ඒ සඳහා බහුල වශයෙන් භාවිත කොට ඇති අයුරු සුලභව දැක ගත හැකි ය. බුදුරදුන් පහළ වූ භාරතය බොහෝ සෙයින් කෘෂි ආර්ථික රටාවකට හුරු වූ රටක් විය. ඊට අදාළ බොහෝ උපමා උපමේය අපේ ධර්ම සාහිත්‍යයේ පැහැදිලි කර ඇතිවා මතු නොව එම සමාජයෙහි ගවයාට හිමිව තිබූ ප්‍රමුඛතාව ය ද මැනවින් දක්වා තිබේ. ඒ අනුව ගවයා සහ කුඹුර විවිධ ධර්ම කාරණා අවබෝධ කරලීම සඳහා සාධක කොටගෙන ඇති ආකාරය ඉතා විචිත්‍ර වූවකි.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]