[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිපිටකාභිවන්දන සතිය 16 – 23 දක්වා

ත්‍රිපිටකාභිවන්දන සතිය 16 – 23 දක්වා

උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව 23 වන දා

වසර 2500කට අධික කාලයක සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකා භික්ෂු පරම්පරාවේ නොමද දායකත්වය සහිතව සුරක්ෂිතව විදහා දක්වමින්, රාජ්‍ය අනුග්‍රහයෙන් රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරැදි ලෙස ආරක්ෂා කොට දායාද කිරීමේ අරමුණින්, මහා සංඝරත්නයේ උපදෙසින් හා මඟ පෙන්වීමෙන් ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පසුගිය දා (2019.01.05 ) ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීම බෞද්ධයා ලද සුවිශේෂී භාග්‍යයකි.

මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස මහා සංඝරත්නයේ අනුශාසනාවෙන්, ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාවට හිමි ප්‍රමුඛස්ථානයේ වගකීම මතකයට නංවමින් ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව පසුගියදා (2019.01.13 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීමට 2019 මාර්තු 16 වන දින සිට 2019 මාර්තු 23 දක්වා කාලය ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ‘ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන’ සතිය සමරා රට පුරා තිබෙන බෞද්ධ සිද්ධස්ථානවල, මංමාවත්, රජයේ ආයතන හා පෞද්ගලික ආයතන, නිවාස හා වාහන ධජ පතාකවලින් සැරසිය යුතු ය. තවද දහම් පාසල්වල ත්‍රිපිටකාභිවන්දනා’ සතිය බැනර් ප්‍රදර්ශනය, විදේශ රටවල ප්‍රචාරන වැඩසටහන්, ශබ්ද පූජා, පිණ්ඩපාත දානමය පින්කම්, පාසල් හා පිරිවෙන් වැඩසටහන්, ජනපති සදහම් යාත්‍රා පෝ දින වැඩසටහන, ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශන ආදිය සිදු කිරීමට නියමිත ය.

එමෙන්ම ‘ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන සතිය’ අවසාන දිනයේ එනම්, මාර්තු 23 වන දින ශ්‍රී දළදා මාළිගා මහ මළුවේ දී ප්‍රධාන ජාතික උත්සවය පැවැත්වෙන අතර ථෙරවාදී ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක වැඩසටහන යටතේ ලේඛනාගත කිරීමේ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. තෛ‍්‍රනිකායික මහා නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන්, සෙසු ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ථෙරවාදී බුදුදහම අදහන ලොව අන් රටවල නියෝජනයක් ද සහිතව සමස්ත ථෙරවාදී බෞද්ධ රටවල සාමූහික යෝජනාවලිය මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ දී ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ බව පසුගියදා (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය වූ අතර, එම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් සමාලෝචන අංශයේ අතිරේක ලේකම්, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය, යුනිස්කෝ සංවිධානයේ ලේකම් ජනරාල්වරයා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් රැසක් අදහස් දැක්වූහ.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]