UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒහි පස්සික 03: කුසලය බලවත් වීමට ඉවසීම

ඒහි පස්සික 03: කුසලය බලවත් වීමට ඉවසීම

අප යම් තීරණයකට එළඹිය යුතු වන්නේ ඉතා සත්‍යවාදීව, කල්පනාකර අභ්‍යන්තර සාකච්ඡාවකින් අනතුරුව ය.

සිල් සමාදන්වන සෑම වෙලාවකම විමසා බලන්න මට ප්‍රාණඝාතාදියෙන් වැළකීම සඳහා අවශ්‍ය කරන කුසල් සිතිවිලි පහළ වෙනවා ද? ඒවායෙහි යෙදෙන වෙලාවට ප්‍රාණඝාත, අදත්තාදාන ආදිය සිදු කෙරෙන අවස්ථාවක් එනවා. ඒවා වළක්වා ගන්නට බැරි අවස්ථාවක් උදාවෙනවා කියල කියන්නේ, තමන් ළඟ ඒවා වළක්වන්නට අවශ්‍ය කරන ප්‍රතිරෝදකයක් දක්වන ප්‍රබල සිතිවිලි මගේ සිත තුළ උපදින්නේ නෑ යන්නයි. එය පරීක්ෂා කර ගැනීම සිල් ආරක්ෂා කරන කෙනාට ලැබෙන පළමුවෙනි ලාභය යි.ලෝභ, ද්වේෂ, මෝහ අතහරින්න බෑ. දැඩි බැඳීම් ඇලීම් ගැටීම් අතහරින්නට තරම් ශක්තියක් නෑ. ප්‍රාණඝාතය කර හෝ, සොරකම් කර හෝ, කාමයෙහි වරදවා හැසිරී හෝ බොරු කියා හෝ, කේළාම් කියා හෝ පරුෂ වචන කියා හෝ මා මගේ දේ අතහැර නෑ කියන අදහස එහිදී ගත හැකිව තිබෙනවා.

එසේනම් අප සිල් සමාදන් වන විට පළමුවෙන්ම අපට නිවැරැදි දැක්මක් ඇතිවිය යුතුයි. ‘මම කුසල් වර්ධනය කර ගැනීම සඳහාමයි, මේ සීලය සමාදන් වන්නේ” යනුවෙන්. අනිත් කාරණය නම් අප හොඳින්ම දන්නවා අප ඉතා කල්පනාවෙන් බලනවා අප මෙයට පෙර කතා කළා ඉවසීම පිළිබඳව. ඉවසීමේ සීමා තුරන් වූ විගස සීලය ආරක්ෂා වන්නේ නෑ කියලා.

ඉවසීම පමණක් නොව ඊට පෙර තමන් ප්‍රාණඝාතය කරන්නේ නෑ කියල අධිෂ්ඨානයක් ඇති කරගෙන තිබුණා නම්, ඒ අධිෂ්ඨානයත් කැඩී යනවා. එපමණක් නොව තමන් ළඟ සීලය ආරක්ෂා කිරීමේ වීර්යයක් පැවතුණා නම්, ඒ වීර්යය තමන් තුළ නැතිවන වෙලාවත් ඒ වෙලාවම යි. එමෙන් ම බොහෝ ආදීනව ඇති නිසා මා ප්‍රාණඝාතය නො කර සිටිය යුතුයි කියා යම් සිතිවිල්ලක් තමා තුළපැවතියා නම් එයද නැති වී යනවා. එසේ නම් සිහිය, නුවණ, වීර්යය, ඉවසීම, අධිෂ්ඨානය, උපේක්ෂාව ආදී යහපත් පුද්ගලයෙකු වශයෙන් නිවන් දැකීමට උපකාර වන අවශ්‍ය වන බොහෝ ගුණාංග තමන්ට වර්ධනයවීමක් සිදු නොවූ බව තමන්ට දැනගන්න පුළුවන්. අකුසලය ජය ගන්නා අවස්ථාවේ දී සීලය නැති වී යනවා. එය ප්‍රබලවම අකුසලය ජය ගන්නා අවස්ථාවක්.

අකුසලය ජය ගන්නා අවස්ථාව හරියට සුරාසුර යුද්ධය වගේ යැයි මතක තබා ගැනීම වටිනවා. අකුසලය කියන්නෙ අසුරයෝ. කුසල කියන්නෙ සුරයෝ. මගේ හිතේ අසුරයන්ටද සුරයන්ට ද ජයග්‍රහණය දෙන්නේ නැතිනම් මගේ හිත දෙවියන්ට අධිපතිකම දෙනවා ද? නැතිනම් යකුන්ට අධිපතිකම දෙනවා ද? සීලය ආරක්ෂා නොවන, කැඩෙන තත්ත්වයට පත්වෙන විට ඒ අතර සාමාන්‍ය සමාජයේ කතාවක් තියෙනවා, “මගේ යකා අවුස්ස ගන්න එපා” කියල. ඒ කියන්නේ එයා බලවත් කරගන්න එපා කියලයි කියන්නෙ. එහෙම නම් අපට යම්කිසි අදහසක් ඉන් ඇති කරගන්න පුළුවන්කම තිබෙන්නට ඕනෑ, මේ සීලය ක්‍රියාත්මක වන ආකාර වශයෙන් යම් යම් කුසලයක් දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. ඉන් ප්‍රබල කරුණයි ජයග්‍රහණය කරන්නේ. අප නිබඳව අපේ සිහිය, වීර්ය, නුවණ, ඉවසීම මෛත්‍රිය, අධිෂ්ඨානය උපේක්ෂාව වැනි සීලය ආරක්ෂාවීමට අවශ්‍ය ගුණාංග අපේ සිතේ වර්ධනය කරගත්තොත් සීලය නො කැඩෙන ආකාරයට අපේ ජීවිතය සකස් කර ගත හැකි වෙනවා.

එසේ ජීවිතය සකස්කර ගැනීමෙන් පමණයි සීලය ඤාණ සම්ප්‍රයුක්තව ආරක්ෂා කර ගත හැකි වන්නේ. ඇයි අපි සිල් රකින්නේ? ආරක්ෂා කරන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ මේ ස්වභාව ධර්මය හේතුඵල දහමක් කියල දේශනා කළේ ඇයි? මාර්ගය හේතුඵල දහමක් කියල. එසේනම් පටන් ගත් තැනම තමන්ට දැනෙන්ට අවශ්‍ය විය යුතු යුතුයි මෙය හේතුඵල දහමක් කියල විමසන්න පුරුදු වෙනවා.

සිහිය වර්ධනය කරගත යුතු දෙයක්. ඉවසීම වර්ධනය කරගත යුතු දෙයක්. නිවසක එකම මව්පිය දෙපළකගේ දරුවෝ ටික සිටින ස්ථානයකදී පිටතින් පැමිණි කෙනෙක් මේ පියාට පරුෂ වචනයෙන් බැණ වැදුණොත් එතැන සිටින එක දරුවෙක් පහරදීමට, තවත් දරුවෙක් බැන වැදීමට ආදී වශයෙනුත් තවත් දරුවෙක් ඉතා ශාන්තව එය විසඳීමට උත්සාහ ගන්නවා. එතැන පවතින හැසිරීම් විලාශය එක් එක් දරුවාට වෙනස්ව පවතිනවා. එකම සිද්ධිය ඉවසීමේ සීමාව, අවස්ථාව එක එක සන්තානවල වෙනස් අයුරින් තිබෙන නිසා තමයි ඒ එක් එක් දරුවා වෙනස් ආකාරයට හැසිරෙන්නේ.

දැන් අපට ඉතා පැහැදිලියි සිහිය, නුවණ, ඉවසීම වර්ධනය කර ගත යුතු බව. කලින් සඳහන් කළ සියලු ගුණාංග වැඩෙන්නට, වර්ධනය කර ගන්නට ඕනෑ., කුසලය බලවත්වීමට නම්. එහෙම නම් කුසලය වර්ධනය වන ආකාරය සොයාගත යුතු යි.

එය වර්ධනය වන ආකාරය සොයා ගන්නා අයුරු ලබන මැදින් පුර අටවක පෝදා පත්‍රයේ පළවේ.

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]