UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

පංච ධර්මය දැන දැක ගනිමු


"ඉධුදායි  මමං සාවකා අධිසීලෙ සම්භවෙන්ති සීලවා සමණෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධෙන සමන්නාගතෝති, යම්පනුදායි මමං සාවකා අධිසීලේ සම්භවෙන්ති, සීලවා සමණේ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධෙන සමන්නාගතෝති අයං ඛෝ උදායි පඨමෝ ධම්මෝ යෙන මමං සාවකා සක්කරොන්ති, ගරුකරොන්ති, මානෙන්ති, පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති." අද ධර්ම දේශනාව ලෙස මා තෝරා ගන්නේ මජ්ක්‍ධිම නිකායේ සකුළුදායි සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින දිනක පිඬු පිණිස රජගහනුවරට වැඩම කළහ. පිණ්ඩපාතය ලබා ගැනීමට කල්වේලා ඇති නිසා ‘මෝරනිවාප’ නම් වූ සකුළුදායි අසපුවට යාමට තීරණය කළහ. සකුළුදායි, තාපස පැවිද්දෙන්, ගෝලයන් ද සමඟ එම අසපුවේ වාසය කරන බැවින් බුදුරදුන් එහි වැඩම කිරීම තුළ ආගමික සුහදශීලීත්වය මනාව පැහැදිලි වන්නේ ය. මෝරනිවාපයේ අනුගාමිකයෝ ශබ්ද කරමින්, ඝෝෂා කරමින් දෙතිස් කතාවල යෙදෙමින් කාලය ගත කරන හෙයින් බුදුරදුන් අසපුවට වඩින විට සකුළුදායි තම ගෝල පිරිස නිශ්ශබ්ද කරයි. “ශබ්ද නොකරනු” නිශ්ශබ්දතාවය පි‍්‍රයකරන ‘නිහඬව වැඩ සිටින’ ‘ඝෝෂාවට අකැමැති’ බුදුරජාණන් වහන්සේ අපේ අසපුවට වඩිනවා. අපිට ලොකුම ලාභයක්’ හරිම ප්‍රයෝජනයි. නිශ්ශබ්ද වෙන්න’ යැයි කියමින් සියලු දෙනා සන්සුන් කළේ ය. පෙරමග ගමන් කළ සකුළුදායි පිරිවැජියා බුදුරදුන් ඉතාම ඉහළින් පිළිගෙන තම අසපුවට වඩින ලෙසත්, අසුන් පනවා ඇති බවත් කියා සිටියේ ය.

ඉතිරිය»

 

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 27 වනදා ඉරිදා අපර භාග 03.02 ට ලබයි. 28 වනදා සඳුදා අපරභාග 02.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වනදා ඉරිදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 04 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]