UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

 

අභිමානවත් අනාගතයක් සඳහා උත්තුංග මෙහෙවරක අභිමානය

 

රටේ ජීවනාලිය බඳු දරු පරපුර නැණ ගුණයෙන් පෝෂණය කිරීම මෙකල වෙසෙන වැඩිහිටි පරපුරෙහි වගකීම ය. ඒ තුළ, ගුණ නැණ දෙකෙන් පොහොසත් වන දරුවකුගේ අනාගතය නිතැතින්ම ශෝභමාන ය. එසේ ලබාගත් ස්වකීය දියුණුව රටේ අභිවෘද්ධිය ම වේ. ආර්ථික දුෂ්කරතා මඟ හරවා ගැනීමට ඇති සාර්ථක මඟක් වනුයේ මනාව අධ්‍යාපනය ලැබීම ය. නූගත්කම, දිළිඳුබවට හේතුවකි. යහගුණ නො හඳුනන්නෝ සමාජයට පිළිලයකි. නැණවත්කම පමණක් නොව ගුණවත් බව ද ඇති දරුවා රටටම සම්පතකි. එබඳු නැණ ගුණ පිරි දරු පරපුරක් බිහිකිරීම රජයට පමණක් කළ හැකි පහසු කාර්යයක් නොවේ. ආර්ථික දුෂ්කරතා ඇති එවැනි දරුවන්ට ඇති හැකි අය ශක්ති ප්‍රමාණයෙන් උදව් උපකාර කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. දැයේ දරුවන් මනා පෞරුෂයකින් යුත් ගුණ නැණ පිරි දරු පිරිසක් කිරීමේ උදාර අරමුණෙන් හොඳින් අධ්‍යාපනය ලබන්නට පාසල් ගොඩනැගිලි තනා දරුවන්ට දායාද කිරීමේ මාහැඟි ව්‍යාපෘතියක් මෙයට දශක දෙකක පමණ කාලයක සිට මෙරට වැඩ සිටින සංඝපීතෘන් වහන්සේ නමක් විසින් නිහඬව සිදුකරගෙන එනු ලබති. ඒ අංග සම්පූර්ණ සුවිසල් පාසල් ගොඩනැගිලි තුළ පාසල් දරුවන් පහළොස් දහසකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබති. එසේ ඔවුන් පහසුවෙන් සිප්සතර හදාරනුයේ උන්වහන්සේගේ උදාර වෑයමෙහි ප්‍රතිඵල ලෙස ය. එම උදාර සමාජ මෙහෙවර සිදු කරනු ලබන්නේ මෑත යුගයේ සසුනඹරට උදාර මෙහෙවරක් සිදු කරන මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ඉතිරිය»

 

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 27 වනදා ඉරිදා අපර භාග 03.02 ට ලබයි. 28 වනදා සඳුදා අපරභාග 02.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වනදා ඉරිදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 04 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]