UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නව අගමැතිතුමා ආශිර්වාද ලබමින් ...

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඉකුත්දා (26) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේ ය. නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල යෙදෙමින් ආශිර්වාද ලබාගත් අතර, එහිදී විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර නා හිමියන් වහන්සේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) බැහැදැක ආශිර්වාද ලබා ගැනීම ද සිදුවිය. ඉන් අනතුරුව පසුගිය (28) දා මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

ඉතිරිය»

සද්ධර්ම ප්‍රතිරූපකලාට රැවටෙනු එපා

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ කර්මය, පුනර්භවය, පටිච්ච සමුප්පාදය,ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදි මූලික දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශනයේ එක කරුණක් සමඟ අනෙක් කරුණ ගැටෙන්නේ නෑ. උන්වහන්සේ එම ධර්ම කරුණු එකම දර්ශනයක් මත පදනම්වයි දේශනාකොට තිබෙන්නේ. මේ දර්ශනය, අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉගෙන ගත්තා. ඒ වගේ ම හදාරා තිබෙනවා. එහෙත් දැන් ඇතැම් උදවිය බුදු දහමේ තිබෙන මූලික දර්ශනය හදාරන්නේ නැති ව, ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන පාලිය, එසේත් නැතිනම් පාලිය සිංහලයට පරිවර්තනය කිරීමෙන් ගත් සමහර ලේඛන හෝ ප්‍රයෝජනයට ගෙන ඒවාට තමන් සිතැඟි පරිදි අර්ථ ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ සද්ධම්මපතිරූපක සූත්‍රයේ දේශනා කර තිබෙනවා ධර්මය නොවන, ධර්මය වගේ දේශනාවන් පහළ වූ පසුව ධර්මය විනාශ වන බව. උන්වහන්සේ උදාහරණයකින් දක්වනවා, රත්තරන් නොවන, රත්තරන් වගේ දේ පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ? රත්තරන්වලින් වැඩක් නෑ. රත්තරන් අතුරුදන් වෙනවා. ඒ වගේ ධර්මය නොවන දේ, ධර්මය වගේ පහළ වුණාට පස්සේ ධර්මය අතුරුදන් වෙනවා.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සත්පුරුෂ උතුමෝ

සකල සතවෙත පතළ මහා කරුණා ගුණ ඇති, ලොව දතයුතු සියල්ල දත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් මහ වෙහෙර වැඩවසන සමයෙහි ඡන්න තෙරුන්ගේ අකටයුතු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. අප මහ බෝසතාණන් ගිහි සැප අත්හැර අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාවේ සහාය වශයෙන් සිටියේ ඡන්න නම් ඇමැති හා කන්ථක නම් අශ්වයා බව ප්‍රකට කාරණයකි. බෝසතාණන් වහන්සේ බුදුබව ලබාගත් පසු ද, බුදු සසුනේ පැවිදි ව සිටිය නමුත්, ගිහිකල පැවති රළු හැසිරීම් තව තවත් වැඩිවිය. සැරියුත් මුගලන් ආදී අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට දොස් කියා තමාගේ උසස්කම හැඟවීමට උත්සාහ ගන්නේ අප බුදුරජාණන් වහන්සේ ද ‘මහණෙනි’ මා දිවමන් තෙක් ඡන්න හික්මවිය නොහැකි යැයි වදාළ සේක. බුදුරදුන් පිරිනිවන් පාන දවස ආනන්ද තෙරුන්වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඡන්න භික්ෂුවට ‘බ්‍රහ්මදණ්ඩය’ පනවන්නට අවසර දී වදාළ සේක. මෙම දඬුවමෙන් මානසික වශයෙන් පීඩාවට පත් ඡන්න භික්ෂුව ඒ සම්බන්ධයෙන් පසුතැවිලි වී භාවනාකොට රහත්ඵලයට පැමිණි සේක. මෙම කාරණය නිමිතිකරගෙන උතුම් කලණ මිතුරන් ආශ්‍රය නිශ්‍රය කිරීමෙන් වන උභයාර්ථ සිද්ධිය විස්තර කොට වදාළ සේක.

ඉතිරිය»

නිවසට සිරිකත අම්මා ය

උග්ගහ සිටුවරයා අතමිට සරුවට තිබූ, ආගම දහම පිළිබඳ ව දැඩි ඇල්මක් පැවැති පුද්ගලයෙක්. තමන්ගේ දියණිය විවාහකරදීමට සුදුසු කාලයත් පැමිණ තිබුණා. ඊට පෙර තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාදිය යුතු බව සිතූ සිටුවරයා නිවස තුළ දානයක් දුන්නා. දන් වළඳා අවසානයේ ඔහු මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. බුදු හාමුදුරුවනේ , මගේ දියණිය පතිකුලයට යාමට සූදානම්ව යි ඉන්නේ. එම දියණියට ආශිර්වාද කරන්නයි මෙම දානය පූජා කළේ. සංසාරය දුක් ගොඩක්. විවාහය කියන්නේ සසර දිගුකර ගැනීමක්, කියලා බුදුහිමියන් ඒ වෙලාවේ දේශනා කළේ නැහැ. ජීවිතයේ රස මිහිර විඳීම අරඹන විට ම ජීවිතයේ යථාර්ථ බව දේශනා කිරීමට උන්වහන්සේ කැමැති වුණේ නැහැ. ලෞකික ජීවිතය අර්ථ සම්පන්න ලෙසත් , සාර්ථක ලෙසත් ගතකරන්න ඕන. ජීවිතය එලෙස ගෙවූ තැනැත්තකුට හෝ තැනැත්තියකට පමණයි එහි තිබෙන නිසරු බව වැටහෙන්නේ.

ඉතිරිය»

පොල්ගස්ඕවිට සියඹලාගොඩ නෙළුම්විල විහාරයේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]