UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

වප් අමාවක 2018.11.07

ගුණ දම් වැඩීමට දරුවන් හුරු කරමු

යහගුණ දන්නා සමාජයක අවශ්‍යතාව පිළිබඳ ව බොහෝ කථිකාවත් ඇති කාලයකි මේ. පුංචි ම දරුවාගේ සිට තරුණ පරපුර වෙතත්, වැඩිහිටියන් වෙතත් අයහපත්කම් පිළිබඳ ව චෝදනා එල්ල වේ. එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට හඳුන්වා දුන් සම්බුදු දහමේ පණිවුඩය සමඟ මුළු ලෝකයක් අගය කළ යහ ගුණ දම් පිරි ජන සමාජය එවැනි පරිවර්තනයකට ලක් වෙමින් තිබෙන්නේ ඇයි? මව්පිය දූ දරුවන්ගෙන් සැදුම්ලත් කුඩා ම සමාජ ඒකකයේ සිට විවිධ සමාජ කණ්ඩායම්වල සාමාජිකයන් තම තමන්ගේ යුතු අයුතුකම් අමතක කරන්නට හුරු පුරුදු වීම නිසා නොවේ ද?

සම්බුදු දහමින් පෝෂිත වූ මානුෂීය ගුණධර්ම යටපත් කළ හැකි නොවන්නේය. බොහෝ තන්හි අප ඇස ගැටෙනුයේ ද, බොහෝ දෙනා චෝදනා කරනුයේ ද, සමාජයක අනාගතය තමන්ගේ දරුවන්ට කෙසේ බලපාන්නේ ද යනුවෙනි. ඒ චෝදනා කළ පමණින් යහපත් ඵලයක් ලැබේ ද? අනුන්ගේ හැසිරීම්, ක්‍රියාකාරකම් දකිමින්, ඒවාට ගරහමින් කල් මරනවාට වඩා වෙනත් කළ හැකි දෙයක් නොවන්නේ ද?

සම්බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ අනුන් කළ කී දේ ගැන නොව තමන් කරන කියන දේ ගැන විමසන ලෙසට ය. අනුන්ට ඇඟිල්ලක් දිගු කරනවිට ඇඟිලි සතරක් තමන් දෙසට නැමේ. අනුන් දොස් දකිමින් ඒවා විවේචනය කරන්නට ගත කරන කාලය තමන් දෙස බලා , තමන්ගේ අඩුපාඩු හඳුනා ගන්නට, ඒවා නිවැරැදි කර ගන්නට, වෙන් කර ගන්නට හැකි නම් අවිනිශ්චිත අනාගතයක් ගැන උකටලී වන්නට සිදුවන්නේ නැත. දරුවන් මව්පියන්ගේ කැඩපතක් වැනියැයි කියමනක් වේ. අම්මා, තාත්තා කරන කියන දේ වඩාත් හොඳින් ඇස ගැටෙන්නේ දරුවන්ට ය. අනෙක් අතින් සංකීර්ණ සමාජය තුළ නොගැටුණ දරුවන්ගේ ලෝකය ම මව්පියන් ම ය. වෙන කිසිවෙක් නොවේ. එතැන දී ඔවුන් මව්පියන් අනුකරණය කරයි. ඔවුන්ගේ කැඩපත ම බවට පත්වෙයි. මෙතැන දී මව්පියන්ට කළ හැකි දෑ බොහෝ ය.

යහගුණධර්ම කියා දීමෙන් පමණක් දරුවාගෙන් එවැනි හැසිරීම් බලාපොරොත්තුවිය නො හැකි ය. තමන් ද ඒ යහගුණ දම් පුරුදු පුහුණු කළ යුතු ය. අසංවරශීලී ගති කවර මොහොතකවත් දරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය නො කළ යුතු ය. වැඩිහිටියන්ට ගරු කරන සැටි, සහෝදර සහෝදරියන් සමඟ සහෝදර බැඳීමෙන් ජීවත්වන සැටි, , සමානාත්මතාවය අගයන සැටි, බෙදා හදාගන්නා සැටි, ඔවුනොවුන්ට ගරුකරන සැටි,උපකාරී වන සැටි, අන් මත ඉවසන සැටි ආදි අපමණ ගුණ දහම් ආදර්ශයෙන් ම දරුවන්ට දායාද කළ හැකි මවකට, පියෙකුට මිස වෙන අන් කවරෙකුට ද?

සමාජයේ දී මේ ගුණ දහම් දායාද කරන්නේ පවුල තුළ දී ඒවා ප්‍රගුණ කළ දරුවන් පමණි. එසේ නම් යහගුණ පිරිහිලා යැයි අපි සමාජයට කෙසේ නම් දොස් නඟමු ද?

එක් අතෙකින් විෂම සමාජ පරිසරයක ගුණ දහම් පුරුදු පුහුණු කරවීම අපහසු විය හැකි ය. නෙළුම් පුෂ්ප පිරි විලක් ගැන සිතන්න. විල් දිය මතුපිට පිපී දිලෙන සියපත් අප තුළ කොතරම් පිරිසුදු, පින්බර හැඟීම් ඇතිකරනවා ද? ප්‍රසන්න සිතිවිලි මතු කරනවා ද? එහෙත් ඒ මල් පිපුණේ කොහේ ද?

ගොහොරු මඩෙහි ය . ගොහොරු මඩ බිමක, පිවිතුරු නෙළුම් විකසිත වූවා නම්, විෂම ගති ඇති ගොහොරු සමාජයෙහි පිවිතුරු මිනිසුන් බිහිවිය නො හැකි යැයි කාට නම් කිව හැකි ද? එසේ නම් අන් අය දෙස බලා තැවීමෙන් ඵලක් නො වන්නේ ය. තම තමන් ම ගුණ දහම් පුරුදු පුහුණු කර තම දරුවන්ට දායාද කරමින් සියපතක් සේ විකසිත වෙමින් සමාජය සුවඳවත් කරන්නට ඉටා ගැනීම යහපත් ය. සැබැවින් ම මල් සුවඳ හමනුයේ යටි සුළගේ පමණි. එහෙත් ගුණ යහපත් පුද්ගලයාගේ සිල් සුවඳ උඩුසුළගේ ද යටි සුළගේද හමයි. උත්සාහ කළ යුතු එවැනි මිනිසෙකු වී මේ සමාජය සුවඳවත් කිරීමට ය. අවසන මරණින් මතු ජීවිතය ද සුවඳවත් කර ගැනීමට ය.

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]