UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් විත්ති

පොත් විත්ති

ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි

අවසන් සාකච්ඡා


කර්තෘ - සීසර් සුදුසිංහ
ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස

අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ සමඟ සීසර් සුදුසිංහ මහතා විසින් බුදුසරණ පුවත්පතට සාකච්ඡා කොට පළ කරන ලද ලිපි මාලාවක් ඇසුරෙන් මෙම ග්‍රන්ථය ඔබ අතට පත්වේ.

කර්මය බලපාන අන්දම, මල් පුජාවේ අනුසස්, දියුණුවේ මාවත කුමක් ද? බුද්ධ චරිතය සහ බුද්ධ ශාසනය ආදී මාතෘකා මෙහි ඇතුළත්ව ඇත.


භාවනා

(අප්‍රකට ලිපි)

සංස්කරණය - පොල්ගහවෙල මිතභාණි හිමි
ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය, රේරුකානේ චන්දවිමල, බෙල්ලන ඤාණවිමල යන මහා නා හිමිවරුන් පුවත්පත් සඟරාවලට සැපයූ ලිපි ඇසුරෙන් සම්පාදිත භාවනා අප්‍රකට ලිපි බෞද්ධ ග්‍රන්ථය පසුගිය දා එළිදැක්වුණි.

කොළඹ 10, මරදාන පාරේ, සාහිත පොත් පියස හි නවතම ප්‍රකාශනයක් වන මෙය පහළගම සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, පොල්ගහවෙල මිතභාණි හිමියන් විසින් සම්පාදනය කර ඇත. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමි ලියූ සමථ භාවනා ධ්‍යාන හා විදර්ශනා භාවනාව, රේරුකානේ චන්දවිමල මා හිමි ලියූ කසින භාවනාව, සෝවාන් මාර්ග සිත හා නිවන, බෙල්ලන ඤාණවිමල මා හිමි ලියු චිත්ත ප්‍රඤ්ඤා භාවනා හා උපේක්ඛා බ්‍රහ්ම විහාර භාවනා ආදිය පිළිබඳ ලිපි මාලාවක් මෙම ගන්ථයෙහි අන්තර්ගත වේ.


බෝධිපූජා කවි – වන්දනා ගාථා සහ පිරිත් දේශනා

ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස

බෝධිපූජා කවි වන්දනා ගාථා සහ පිරිත් දේශනා ඇතුළත් මෙම ග්‍රන්ථයෙහි තෙරුවන් සරණයාමේ සිට මෛත්‍රී භාවනාව දක්වා මාතෘකා රැසක් ඔස්සේ විිහිදී යයි. බෝධිපූජා කවි, නවග්‍රහ ශාන්තිය, ජයමංගල ගාථා, පිරිත් මෙන්ම දෙවියන්ට පින්දෙන ආකාරය ද මෙහි සඳහන්ව ඇත.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]