UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය

පෙරහර සංකල්පය යනු ප්‍රාග් බෞද්ධ යුගය දක්වා දිවෙන සංස්කෘතික සංකල්පයකි. සිද්ධාර්ථ කුමාරෝප්පත්තියට පූර්වයෙන් ඇසළ සමය තුළ සිදු කළ විවිධ සැණකෙළි හා පෙරහර උත්සව පිළිබඳ බෞද්ධ ඉතිහාසයේ තොරතුරු අනාවරණය කරන අතර ඇසළ පොහෝ දින උයන් කෙළියට ගිය පුවත මෙන්ම එදින රාත්‍රියේ සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගත් බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුව සිටි අපරදිග මානවයා නිසි කල වැසි ලබා ගැනීමේ අරමුණින් දෙවියන් සතුටු කිරීම උදෙසා විවිධ උත්සව හා යාග හෝම ආදිය පැවැත් වූ කාල පරිච්ඡේදයක් ලෙස ද ඇසළ සමය හඳුන්වා දිය හැකි ය. කෘෂිකාර්මික ජීවිතයත් ගත කළ ප්‍රාග් බෞද්ධ ලක්වැසියන් ද තමන්ගේ ගොවිතැන් කටයුතු කර ගැනීමට හා නිසි කලට වර්ෂාව ලබාගෙන ස්වකීය ගොවිතැන් කටයුතුවල සශ්‍රීක භාවය ඇති කරගැනීමට අව්ව, වැස්ස ආදී ස්වභාව ධර්මය දේවත්වයෙන් සලකා ඒ සඳහා විවිධ පුද පූජා පවත්වා තිබේ. එනමුත් අනු බුදු මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල බුදුදහම මෙරටට හඳුන්වා දීමෙන් පසුව පෙර පැවැති ප්‍රාථමික ඇදහිලි වෙනුවට තෙරුවන් මුල්කරගත් විවිධ පුද පූජා චාරිත්‍ර සමුදායක් ගොඩනැගුණු ආකාරය දක්නට ලැබේ. ඒ තුළින් රත්නත්‍රයේ ආශිර්වාදය ලබා තමන්ගේ සියලු කටයුතු සඵල කරගත හැකි බව ඔවුහු විශ්වාස කළහ.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]