UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සුසුම් නොහෙළා සැනසීමෙන් දිවි ගෙවන්නට ...

“අචරිත්වා බ්‍රහ්ම චරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චාව ඣායන්ති
ඛීණ මච්චේව පල්ලලේ
අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා
යොබ්බනේ ධනං සෙන්ති චාපාතිඛිණා ව
පුරාණානි අනුත්ථුනං”

බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මයෙහි සාරය ලෙස ධම්මපදය හඳුන්වා දෙන්න පුළුවන්. මාතෘකාව වශයෙන් දැක්වූ ගාථාවන්හි දැක්වෙන ආකාරයට බ්‍රහ්ම + චරියං අචරිත්වා - ඒ කියන්නේ උතුම් හැසිරීමේ නොහැසිරවීමයි. බ්‍රහ්මචරිය - මෙය දේශනාවේදී කොටස් දෙකකට බෙදා දේශනා කර තිබෙනවා. සාසන බ්‍රහ්මචරිය මග්ග බ්‍රහ්මචරිය වශයෙන් සාසන බ්‍රහ්මචරිය යනු :- ගිහි ජීවිතයෙන් නික්මි මහණ දම් පිරීමෙන්, සිල් රැකීමෙන්, ගත කරන ජීවිතය හඳුන්වා දෙන්නට පුළුවන්. මග්ග බ්‍රහ්මචරිය :- ලොව්තුරා මග - පල පත්ව බ්‍රහ්මචාරීව ජීවත්වීම ලෙස දේශනා කොට ඇත. බ්බනෙ ධනං අලද්ධා :- තරුණ වයසේදී ධනය හරි හම්බ නොකර කයේ හා සිතේ ශක්තිය ඇති කාලසීමාවේ දී උපන් ධනය රැකීමෙන් තොරව හා නූපන් ධනය වෙනුවෙන් ගොවිතැන් කටයුතු හා වෙළදාම් ආදිය නොකොට කල්ගත වීමේදී පසු තැවීමට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට වැසි සමයෙහි මසුන් අල්ලා නොගෙන පසුව සිඳී ගිය පොකුණ දෙස බලා පසු තැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙමින්, සුසුම්ලමින් ජීවත් වීමට සිදු වන්නාක් වගෙයි යනුවෙන්.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]