UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ විහාරය

 

අස්ගිරිය ගෙඩිගේ විහාරය හෙවත් පෙරහර ගමන් මාලිගය

සෙංකඩගල පුරවරයේ අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ විහාරය ක්‍රි.ව. 1347 – 1375 සමයේ ගම්පොළ යුගයේ රාජ්‍ය මෙහෙය වූ තෙවන වික්‍රමබාහු රජතුමා විසින් සිය මෑණියන් වූ චන්ද්‍රවතී බිිසව සිහිපත් කිරීම මුල් කරගෙන ඉදිකර ඇති බව පොතපතෙහි සඳහන් ය. එම වර්ෂය ක්‍රි.ව. 1364 වශයෙන් දැක්වෙන අතර, චන්ද්‍ර‍්‍රවතී බිිසවගේ ආදාහන කටයුතු ද මෙහිදී සිදුකර ඇත. සිහිවටනයක් ලෙස චන්ද්‍රවතී නමින් රෝපණය කළ බෝධින් වහන්සේ අදටත් මෙහිදී දැකගත හැකි ය. ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලද ශ්‍රී දළදා වහන්සේගේ දළදා වංශකතාව අසිරිමත් ය. එය සම්බුදු සිරිතේ ආරම්භය දක්වා ඉතිහාසයේ දැක්වෙන අතර, ශ්‍රී ලංකාද්වීපයට වැඩම වූ ශ්‍රී දළදා වහන්සේ සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙරට සිද්ධස්ථාන කිහිපයක ම වඩා හිඳුවා සෙංකඩගල පුරයට වැඩම කිරීම සිදු වූ බව සඳහන් ය.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]