UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැම දෙනා තුළ මෙම විසිතුරු පෙරහර මංගල්‍යය කෙරෙහි ඇත්තේ ලැදියාවකි

හැම දෙනා තුළ මෙම විසිතුරු පෙරහර මංගල්‍යය කෙරෙහි ඇත්තේ ලැදියාවකි

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කළ මුල් අවධියේ සිටම උන්වහන්සේ විෂයයෙහි විවිධාකාර වූ පුද පූජා පැවැත්වීමට මෙරට රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු රට වැසියෝ බොහෝ සෙයින් උනන්දු වූහ. මේ නිසාම දළදා වහන්සේ උදෙසා පෙරහර පැවැත්වීම ද ආදි යුගයේ සිටම ආරම්භ වූවක් බව පෙනේ. කිත්සිරි මෙවන් රාජ සමයේ දළදා මැදුරේ සිට අභයගිරි විහාරයට දළදා වහන්සේ ඉතා විසිතුරු පෙරහරකින් වැඩමවීමත් සමඟ මෙම දළදා පෙරහරේ සමාරම්භය සිදු වී ඇති බව වියතුන්ගේ මතයයි. කෙසේ වෙතත් කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදු වී සිටි මෙරට වැසියෝ තම ගොවිතැන් කටයුතු සඳහා නිසි කල වැසි ඵල ලබා සශ්‍රීකත්වය ඇතිකරගැනීමට දළදා වහන්සේගේ පිහිට පතා මෙසේ පෙරහර පැවැත් වූ බව නම් ඉතා පැහැදිලි කරුණකි. අද දක්වා පෙරහර සිදුකරන ආකාරය දෙස බැලීමෙන් එය තහවුරු කරගත හැක.

මේ නිසා වර්තමානය වන විට දළදා වහන්සේ උදෙසා සිදුකරන වාර්ෂික මංගල්‍යයක් ලෙසත්, හෙළ බොදු සංස්කෘතියේ අභිමානය කියාපාන උසස් සංස්කෘතිකාංගයක් ලෙසත් දළදා පෙරහර විශ්ව කීර්තියට පත්ව ඇත. එහිලා අතීතයේ මෙරට සිටි රාජ රාජ මහාමාත්‍යාදීන් දක්වන ලද සුවිශේෂ අනුග්‍රහය මෙවන් පුද පූජා චාරිත්‍ර මෙරට ජන ජීවිතය තුළ තදින් මුල්බැස ගැනීමට හේතුවන්නට ඇත. ඒ නිසා අද වන විට මෙරට බෞද්ධ අබෞද්ධ කා තුළත් මෙම විසිතුරු පෙරහර මංගල්‍ය කෙරෙහි ඇත්තේ ඉමහත් ලැදියාවකි. සිංහල බෞද්ධයාගේ අභිමානය ලොවටම කියාපාන මෙවන් උසස් සංස්කෘතිකාංග නොනැසී පවත්වාගෙන යාම අප කාගේත් වගකීමක් ලෙස සැලකිය යුතු ය. මෙම අසිරිමත් ඇසළ මංගල්‍යය හෙවත් දළදා පෙරහරේ අනුහසින් ලක්වැසි සැමට සෞභාග්‍යය උදාවේවායි ආශිංසනය කරම්හ.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]