UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

නිකිණි පෝදා පෙරවරු 06.00-06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි 06.30-07.00 උදෑසන බුද්ධ පූජාව රන්දිලිගම මහින්ද හිමි.08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි.09.00-10.00 පෙරවරු ධර්මදේශනාව බැලුම්මහර ඉන්දානන්ද හිමි 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය, 02.00-03.00 වෛද්‍ය දේශනය දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය එම්.විජේතුංග මහතා 03.00-04.00 පස්වරු ධර්මදේශනාව නීලම්මහර චතුරසාන්ත හිමි, 04.00-05.00 ධර්ම සාකච්ඡාව මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා 05.00-06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රජමහා විහාරාධිපති , කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 06.00-07.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී,කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි .07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමි.


ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ නිකිණි පුන් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. මෙම පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී කිරින්දේ ඥානදර්ශන හිමියෝ සංවිධානය කරති.

පෝදා පෙරවරු. 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අක්මීමන ධම්මපාල හිමි, 9.00 ධර්ම දේශනාව අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ හිටපු කථිකාචාර්ය ඉසංඛ මල්සිරි මහතා, 10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව භාණක පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාල්ලේ ධම්මින්ද හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, සහභාගිත්වය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත විල්ගමුයේ පියනන්ද හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, රාජකීය පණ්ඩිත වසන්ත දිසානායක මහතා, 4.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම, පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව, මෙහෙයවීම කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නිකිණි පෝදා පින්කම් රැසක් සිදුකිරීමට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත. පෝදා උදෑසන අටසිල් සමාදන් කරවීම, හා මල් පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාවක්ද, ෂඩ්වර්ණ සාඨකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩමකර කිරිවෙහෙර චෛත්‍යයේ පළඳවනු ලැබේ. උදේ ධර්මදේශනාව තණමල්විල ජාතික පාසලේ ශාස්ත්‍රවේදී හේනේවත්තේ ඉමරතන හිමියන් විසින් පවත්වනු ලබන අතර භාවනා වැඩසටහන් චෛත්‍යමළුවේ පැවැත්වේ. පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව අබියස දානශාලාවේ පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර මළුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ මල්, පහන්, ගිලන්පස හා අටපිරිකර පූජා කර අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. පහන් 5000 ක ආලෝක පූජාවක් කිරිවෙහෙර තුන්වැනි මළුව සමීපයේ පැවැත්වේ. සිල්වතුන් වෙනුවෙන් ඔසුපැන් දන්සැල් රැසක් ද පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, මහාසේන සිල් සමිතිය, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


බම්බලපිටියේ සිරි වජිරාරාමය

නිකිණි පෝදා පෙරවරු 06.00-07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානා හිමි, 08.00-08.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරිවජිරාරාමවාසී පැරකුම්පුර විශාරද හිමි, 08.30-10.00 ධර්මානුශාසනාව අධ්‍යාපනවේදී කැලණියේ සාසනවංස හිමි 10.00-11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි පස්වරු 12.15-01.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරි , සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි 01.15-2.30 ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත දර්ශනපති මාලිම්බඩ පඤ්ඤාසේකර හිමි 03.00-04.00 ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාමවාසී, ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත වේරදුවේ මහින්ද හිමි 04.00-05.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 05.00-06.00 ධර්මානුශාසනාව – මහාචාර්ය මඩිහේ සුගතසිරි හිමි 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමින් වහන්සේලා


ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරය

ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී සිළුමිණි විහාරයේදී මහමෙවුනාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි නිකිණි පුන් පෝදා , ශීල භාවනා වැඩසටහන පැවැත්වේ. උදේ 06.00-07.00 ශීල සමාදානය අටවිසි කිරි ආහාර පූජාව වැලිමඩ ධම්මික හිමි, 08.00-09.00 ධර්ම දේශනාව, මහමෙවුනාවේ මංගල හිමි 09.00-10.00 ධර්ම දේශනාව කහටපිටියේ පඤ්ඤාසාර හිමි 10.00-11.00 ධර්ම දේශනාව කලවැල්ලෑවේ දීපරතන හිමි 11.00-11.20 බුද්ධ පූජාව ලුණුවත්තේ කස්සප හිමි.දවල් 12.30-01.00 ගිරිමානන්ද සූත්‍ර දේශනය කුරුණෑගල ධම්මකුසල හිමි 01.00-02.15 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත රන්මිණිතැන්නේ සිරිසුමන හිමි, 02.30-04.00 ධර්ම සාකච්ඡාව දේශබන්ධු සිරිසේන ලියනආරච්චි මහතා 04.00-05.00 ධර්ම දේශනය උඩපේරුවේ රතනසාර හිමි .සවස 06.00-07.00 බෝධිපූජාව වැටකේදෙණියේ ගෝතම හිමි .


ශ්‍රී සම්බෝධි විහාරය හා බෞද්ධයා නාලිකාව

කොළඹ ආර්.ජී. සේනානායක මාවතේ සම්බෝධි විහාරයේ හා බෞද්ධයා නාලිකාවේ නිකිණි පොහෝ දින වැඩසටහන් මාලාව මෙසේය. පෙරවරු 5.30 -06.00 කිරි ආහාර බුද්ධ පූජාව, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ හිමි, 06.00-7.00 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බොරලන්දේ වජිරඤාණ හිමි,08.00-9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි,09.30-10.30 ව්‍යංජන 1008 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 -02.00 පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි ,මෙහෙයවීම සහන් වනිගරත්න මහතා 2.00-3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමාවසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි 03.30-4.30 ධර්ම දේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි 4.30-5.30 ධර්ම දේශනාව මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, 5.30-6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදානය

පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි, 08.00-9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 10.00-11.15 පැණසිහ සිසුදිරි ශිෂ්‍යත්ව ප්‍රදානය – පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි , පස්වරු 12.25-12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ – වීරපානේ අනුරාධ හිමි , 01.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි 02.00-3.00 - වෙසෙසි දෙසුම ශාස්ත්‍රපති ජයසේන එදිරිසිංහ මහතා ,03.00-4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කෝම්පිටියේ සුසීල මාහිමි 4.15-5.00 ධම්මපදය වතුරුගම ධම්මජීව හිමි, 05.00-6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 06.00-06.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර, සංඝමිත්තාරාමයේ දී නිකිණි පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00-පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ.

පෙරවරු 8.00- 9.00 දහම් දෙසුම ගනේලන්ද රජමහ විහාරාධිකාරි ගැමුණුපුර සෝමවංශ හිමි, 9.00-10.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී මඩිහේ සුගතසිරි හිමි 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00-12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00-2.00 දහම් දෙසුම පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී මීතලාවේ විනීත හිමි. 2.15-3.00 ධම්ම පදය 3.00-5.00 භාවනා වැඩසටහන පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී ගල්නෑවේ සුගතවිහාරි හිමි, සවස 6.00 සිට අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම නිකිණි පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10,කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී නිකිණි පුරපසළොස්වක පොහෝදා , ශීල, භාවනා ධර්මදේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙ.ව. 6.00-6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00-9.00 භාවනාව ශ්‍රී ජයශේඛරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි. 9.15-10.15 ධර්ම දේශනය , ජයශේඛරාරාමවාසී තලල්ලේ ධම්මදේව හිමි. 10.30-11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 12.15-12.45 සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාම වාසි ස්වාමින් වහන්සේලා පස්වරු 1.00-2.00 මාසික රැස්වීම 2.15-3.15 ධර්ම දේශනය 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව 4.30-5.30 ධර්ම දේශනය බොරැල්ලේ ශ්‍රී ලංකාරාමවාසී උණුවතුරබුබුලේ පියදස්සි හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි 6.45-7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00-9.00 ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ දී නිකිණි පෝදා පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේය. පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාකර හිමි.

7.30-9.45 ධර්ම දේශනාව /භාවනාව තපෝවනයේ සුමේධ හිමි 10.00-11.00 ධර්ම දේශනාව උණාවටුනේ වංශානන්ද හිමි,

පස්වරු 01.00-02.45 ධර්ම දේශනාව මහමෙව්නාවේ මංගල හිමි, 03.00-04.30 ධර්ම දේශනාව ලේනව මංගල හිමි,04.30 -6.00 ධර්ම දේශනාව අක්මීමන ධම්මපාල හිමි 06.15-7.00 ධර්ම දේශනාව පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ පැවැත්වූ බෝධිපූජාව (පටිගත කරන ලද) 07.00-10.30 ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව–කටුබැද්ද– තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක, ශාසනකීර්ති ශී‍්‍ර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් නිකිණි පෝදා පින්කම් පැවැත්වේ. පෙරවරු 6.30 -7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සහ කෙටි අනුශාසනාව දම්පහල ඤාණරතන නාහිමි, 8.30-9.30 ධර්ම දේශනය දම්පහල ඤාණසුධීර හිමි 10.00-10.45 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව.පස්වරු 12.30-2.00 ගිහි දේශනාව, ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 2.15-3.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි .3.15 -4.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 4.00-5.00 පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසි ස්වාමින් වහන්සේලා, 5.00 ට සිල් පවාරණය 6.30-7.30 දක්වා අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි බුදුසරණ පුවත්පත ‘ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය :– මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.


අනුරාධපුර සදහම් සෙවන

අනුරාධපුර සදහම් සෙවන නිකිණි පුන් පොහොය වැඩසටහන අනුරාධපුර උණගස්වැව්, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ඒ සඳහා භාවනා වැඩසටහන් හතරක්ද ඇතුළත් වේ. භාවනා වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


ලේ දන්දීමේ පින්කමක්

කෙසෙල්වත්ත ගොරකානේ ශ්‍රී ගංගාතිලක විහාරස්ථානයේදී නිකිණි පුන් පොහෝ දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ලේ දන්දීමේ පින්කමක් පැවැත්වේ.


ගොරකානේ දී ලේ දන්දීමේ පින්කමක්

පානදුර රුධිර දාන මෙහෙයුම් කමිටුවේ රුධිර දාන නිකිණි මහා පූජා පින්කම මෙවරත් නිකිණි පුන් පොහෝදා (25 වෙනිදා) දවස පුරා පානදුර, ගොරකාන, ශ්‍රී ගංගාතිලක විහාර පරිශ්‍රයේදී පැවැත්වේ. රුධිර දාන මෙහෙයුම් කමිටුව පානදුර සංවිධානයත්, විහාරස්ථ දායක සභාවත් ඒකාබද්ධව පවත්වනු ලබන මෙම රුධිර දාන පූජාවට නාරාහේන්පිට ප්‍රධාන ලේ බැංකුවත්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ලේ බැංකුවත් සමග එම පින්කම සිදු කෙරේ. මෙවර ලේ දාන පූජාව මෙම පානදුර රුධිර දාන මෙහෙයුම් කමිටුවේ ලේකම්වරයාව සිට හදිසියේ අභාවයට පත් වූ ලාලිත ද සිල්වා මහතාට පින් පිණිස පැවැත්වේ.


හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි නිකිණි පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, පණ්ඩිත හොරවල සන්තසිරි හිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණගම මුදිත හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව රත්මලේ නිපුණ හිමි, රුහුණු දනව්වේ විමල මූර්ති හිමි, පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 12.45 පිරිත් හා තෙරුවන් ගුණ නාවලපිටියේ උදිත හිමි, ඔරුවල සුධීර හිමි, 12.45 – 04.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දොඩම්පහළ කුමාර කස්සප හිමි, 01.45 – 02.45 ධර්ම දේශනාව පැපිළියාන සුනේත්‍රාදේවි පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගොම්බද්දල දමිත හිමි, 02.45 – 03.45 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත නෙළුවාකන්දේ ඥානානන්ද හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය අයගම සුසීල හිමි, 5.00 – 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.45 ක්ෂිරපායාස බුද්ධ පූජාව 6.00 – 7.00 සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව රත්නපුරේ චිත්තවිහාරි හිමි, 9.00 – 9.30 භාවනාව 9.30 – 10.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 10.30 – 11.00 දෙතිසක් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 පුණ්‍යානුමෝදනාව සහ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව දිගන සුගතවංශ හිමියන් සමග මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 සිල්පවාරණය සහ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව, 6.00 ඖෂධ 108 යුක්ත ගිලන්පස බුද්ධ පූජාව.


බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාමය

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 7.00 සීල සමාදානය හා අනුශාසනාව මිරිස්සේ ධම්මික නා හිමි, 7 – 7.30 තෙරුවන් වන්දනාව, මිරිස්සේ ධම්මික නා හිමි, 8.15 – 10.00 භාවනා මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 ධර්ම දේශනය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව මකුරුප්පේ සෝමාලංකාර නා හිමි, 2.00 – 3.00 ධර්ම සාකච්ඡාව රණස්ගල්ලේ ඤාණවීර හිමි, 4. 00 – 5.00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය අලුත්වල ධම්ම සති හිමි. 6.00 සිල් පවාරණය. 7.00 – 8.00 අට විසි බුද්ධ වන්දනාව, මිරිස්සේ ධම්මික නා හිමි විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් බෙදා දීම.


කොබවක සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාමයේදී ධර්ම දේශනාවක්, සදහම් වන්දනාවක් ,භාවනා වැඩසටහනක් ඇතුළු පින්කම්

රැසක් දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. පෙරවරු 08.30 ධර්ම පෝදා දේශනාව බණ්ඩාරගම පතහවත්ත ශ්‍රී පුෂ්පකාරාරාම රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත දියකඩුවේ සෝමානන්ද හිමි, 09.30 සදහම් වන්දනාව මෙහෙයවීම හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ සවස 01.00 ධර්ම දේශනාව ගෝවින්නේ ශ්‍රී සීලවංසාරාම විහාරවාසී ගෝවින්නේ සුබෝධි හිමි 2.30 ධර්ම දේශනාව බුලත්සිංහල ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරවාසී බුලත්සිංහල පඤ්ඤානන්ද හිමි 04.00 භාවනා වැඩසටහන මෙහෙයවීම කටානේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ විසිනි.

දවස පුරා දාන, ශීල, භාවනා ඇතුළු පින්කම් රැසක් පැවැත්වේ


ඉඹුල්ගොඩ දී දහම් දෙසුමක්

ඉහළ ඉඹුල්ගොඩ නන්දාරාමයේදී නිකිණි පොහෝදා තිහගොඩ පෙතන්ගහවත්තේ විහාරවාසී රේවත පොඩි හාමුදුරුවන් ගේ දහම් දෙසුමක් සවස 3-4 දක්වා පැවැත්වේ.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]