UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙල්ලන්විල ඇසළ පූජෝත්සවය

 

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය

රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය 11 වන දා

සිරිලක පමණක් නොව දේශ දේශාන්තරවල ජනී ජනයාගේ අභිමානයට පාත්‍ර වූ ඇසළ මහ පෙරහරක් පවත්වන මහ පුදබිමකි බෙල්ලන්විල රාජමහා විහාරය. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුදබිමක් වූ බෙල්ලන්විල රාජමහා විහාරය පෙර රජ දවස දෙවනපෑතිස් යුගය දක්වා ඉතිහාසයකට හිමිකම් කියයි.සඟමිත් තෙරණිය වැඩමවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධි අංකුරයක් බෙල්ලන්විල රෝපණය කළ බව ක්‍රි.ව. 1303 - 1333 විල්ගම්මුල මාහිමිපාණන් විසින් රචිත සිංහල බෝධි වංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වීමෙන් ඒ බව සනාථ වේ. මාතෘභූමිය අවස්ථා කීපයක දී ම විදේශ ආක්‍රමණ වලට ලක්වීමෙන ් මෙරට ඓතිහාසික පෞරාණික සිද්ධස්ථාන රාශියක් විනාශයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්ලන්විල රාජමහා විහාරය ද ඒ අවට ප්‍රදේශයේ ද විනාශ වී ජන ශූන්‍ය විය. 1860 ගණන් වලදී අත්තිඩියේ විහාරයේ වැඩ විසූ තෙන්ගොඩගෙදර හිමියන් බෙල්ලන්විල හරහා වැටී ඇති කටු ඇළ මාර්ගයේ පාරුවකින් වඩිමින් සිටියදී ජනශූන්‍ය වූ ප්‍රදේශයකින් ඇසුණු බෙරහඬ පිළිබඳව විමසිලිමත් වීමෙන් බෙල්ලන්විල බෝධීන් වහන්සේ දකින ලදුව මෙම ස්ථානය දෙවියන් පවා වැඳුම් පිදුම් කරන භූමියක් බවට තේරුම් ගෙන ජනතාවට ද වැඳුම් පිදුම් කරන ස්ථානයක් බවට පත්කරන ලදි.

 

ඉතිරිය»

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]