UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


පස්වග මහණුන්

අප මහ බෝසතාණෝ සාරා සංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා දැඩි පරිශ්‍රමයකින් ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් සම්මා සම්බුද්ධත්වය ලැබූ සේක. එසේ අවබෝධ කරගත් සත්‍ය ධර්මය ලොවට හෙළි කරමින් ඇසළ පුන් පොහෝදා බරණැස ඉසිපතන මිගදායේ දී පස්වග මහණුන් අරබයා දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කළහ.

ශරීරයට අන්ත දුක් දීමේ පිළිවෙතින්ද බුදු බව පසක් නො වන බව වටහාගත් බෝසතාණෝ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ නිසාවෙන් කළකිරුණු පස්වග තවුසෝ බෝසතුන් අතහැර ඉසිපතනයට ගොස් තවුස්දම් පිරූහ. බෝසතාණෝ වෙසක් පුන් පොහෝ දිනක ගෞතම බුද්ධ රාජ්‍යයට පත්වීමෙන් පසු සත්‍ය ධර්මය ලොවට හෙළකිරීම සඳහා පස්වග තවුසන් සොයා ගොස් සම්මා දිට්ඨිය (නිවැරැදි දැකීම) මුල් කොට ගත් අංග අටකින් යුත් මධ්‍යම ප්‍රතිපදා මාර්ගය දේශනා කළ සේක. ඒ වගේම නුවණැස පහළ වීමටත්, කෙලෙසුන් සංසිඳවීමටත්, නිවන් පසක් කරගැනීමටත් මැදුම් පිළිවෙත ඉවහල් වන ආකාරයට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක.එදා කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පැමිණියෙන් පැවිදි උපසම්පදා ලත් පළමු භික්ෂූන් වහන්සේ ලෙස සම්බුද්ධ ශාසනයට ඇතුළත් වූහ. පසුදින අනත්තලක්ඛණ සූත්‍රය දේශනාවේදී සෙසු පිරිස ද මගඵල ලබා රහත්වී සම්බුද්ධ ශාසනයේ ව්‍යාප්තිය ආරම්භ කළහ.


තිලොව දිනූ බුදුපියාණෝ

ලුම්බිණියේ සල් උයනේ
උතුම් වෙසක් පෝය දිනේ
මහ බෝසත් ජනිත වුණේ
පියුම් සතක් පහළ වුණේ

කඩු, දුනු, තෝමර ආදි ශිල්ප රැසක් පුහුණු වුණේ
හොඳ, ගතිගුණ නිසා කුමරු කවදත් පැසසුම් ලැබුවේ
නැණ නුවණින් හෙබි කුමරු විවාහය දිවියට පැමිණුණේ
කුමරි යශෝධරා කුමරුගේ පතිනිය වූයේ

සිද්ධාර්ථ කුමරු දිනක් උයන් කෙළියට ගියේ
සතර පෙර නිමිති දැක එයින් මිදෙන්නට සිතුවේ
රජ මැදුරේ සියලු සැපත් කුමරාණෝ හැර දැමුවේ
උතුම් ඇසළ පොහොය දිනේ මහාඅබිනික්මන වූයේ

සත්‍ය සොයා යන ගමනෙදි නෙක බාධා හට ගත්තේ
ජය ගැන්මට ඒ බාධා කුමරුට බොහෝ පින් තිබුණේ
ඇසතු බෝ සමිඳු සෙවණෙහි සමාධියෙන් වැඩ සිටියේ
වෙසක් පෝ දා දිනේ අළුයම සම්බුදු බව ලැබුවේ


දම්සක් පැවැතුම්

සහම්පති මහා බ්‍රහ්මයා බුදුරදුන් වෙත පැමිණ ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දහම් දෙසන ලෙස කළ ආරාධනයෙන් පසුව බුදුරදුන් මෙනෙහි කරමින් සිතනුයේ කවරෙකු උදෙසා පළමුව දහම් දෙසන්නේ ද යන්න යි. ඒ අනුව, ආලාරකාලාම. උද්දකරාමපුත්ත යන තමන් වහන්සේ සත්‍ය ගවේෂණය කරන කාලයේ ශිල්ප උගත් තවුසන් පිළිබඳව විමසා බැලුව ද, ඔවුන් ජීවතුන් අතර නොවී ය. පස්වග තවුසන් තමන් වහන්සේ අතහැර ගිය ද ඔවුනට ධර්මය වටහා ගැනීමට බුද්ධියක් ඇති බව දත් බුදුරදුන් බරණැස ඉසිපතනයේ මිගදාය වෙත වැඩමකොට දම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන්ට දේශනා කළහ.


පුංචි ඔබට ඔවදනක් . . .

පුංචි අපට හොඳ පාඩම්
කියා දෙන්නේ හොඳ ගුණදම්
බුදුන් දහම් සඟුන් උතුම්
පුරුදු කරමු නිවන් පැතුම්

දෙගුරුන් දෙන ඔවා හට
කීකරු වන්න මුල සිට
දුසිරිත් බැහැර කොට
ජය ගනිමු අප මව් රට


ශ්‍රී මහා බෝධිය

අප මහ බෝසතාණන් වහන්සේගේ උපත සමඟ ම දඹදිව පහළ වූ ඇසතු රුක් මුලදී උන්වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වූ සේක. බුද්ධ ස්පර්ශයෙන් එය පූජනීයත්වයට පත් වූ දා සිට විජය ශී‍්‍ර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පාරිභෝගික ධාතු සේ සලකා බොදු ජනතාව වැඳුම් පිදුම් කරති. දෙවනපෑතිස් රජු සමයේ දඹදිව දම්සෝ රජුගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව බුදුසසුන පිහිටුවීමෙන් පසු තම නැඟණිය වූ සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු දිග ශාඛා අංකුරයක් රන් කටාරමක තැන්පත් කර ලක්දිවට වැඩමවන ලදී. ඒ අසිරිමත් බෝ සමිඳු ගුවන් තලයේ පෙළහර පාමින් ලක්දිවට වැඩමකළ අතර දෙවනපෑතිස් රජුගේ සුරතින් අනුරාධපුර මහමෙව්නා පින්බිමේ රෝපණය වූහ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිඳිනා ලෙසින් බොදුජන හදවත් තුළ ශ්‍රද්ධාව උපදවමින් එදා සිට මේ දක්වාත්. මතුවටත් සිරි ලක්දිවට ආශිර්වාදයක් වූ ජය සිරි මහා බෝ සමිඳුන්ට අපි පූජෝපහාර පවත්වමින් වන්දනා කරමු.


හොඳ ළමයි වෙමු

ඉරු දින උදයේ නැගිටලා
දත කට මුව සෝදලා
දම් පාසල වෙත ඇදී
යන්නෙමු අපි පෙළ ගැසී

වගකීම් රැස ඉටු කරමින්
අතු පතු ගා වැඩ කරමින්
අපි වෙමු සිසු නායකයන්
හෙට දින ලොව බබළනා


සදහම් අරණ ළමා සමාජයේ සාමාජික , සාමාජිකාවනි, පහත සදහම් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න. නිවැරැදි පිළිතුරට වටිනා තෑගි පිරි පිරිනමන්නෙමු.

01). සතර බ්‍රහ්ම විහරණ නම් කරන්න

02). ඔබ කැමැති එක් බ්‍රහ්ම විහරණ ගුණයක් ගැන කෙටි විස්තරයක් ලියන්න.


සාම කුමාරයා

සාම කුමාරයාට මිතුරන් ගොඩක් සිටියා. ඒ මුවෝ, ගිරවු, හාවෝ ආදි සතුන් ය. මේ කුමාරයා සතුන්ට ඉතා ආදරෙයි. අන්ධ දෙමාපියන්ට සැලකුවා. හැමට ම මෙත් සිත වැඩුවා. සාම කුමාරයා වගේ අපිත් මෙත් සිත පුරුදු කරමු.


මගේ පන්සල


 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]