UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා මොග්ගල්ලානථෙර බොජ්ඣංගය

මහා මොග්ගල්ලානථෙර බොජ්ඣංගය

බුදුරදුන් රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයේ වැඩ වාසය කරති. එකල්හි මහා මුගලන් මහරහතන් වහන්සේ ආබාධිතව ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරති. බුදුරදුන් සවස් කාලයේ මුගලන් හිමියන් වාසය කළ තැනට වැඩම කළහ. අනතුරුව පනවන ලද ආසනයේ වැඩසිටි බුදුරදුන් මුගලන් හිමියන්ගෙන් තොරතුරු විමසූ සේක. තමන් වේදනාවන්ගෙන් පීඩිතව වාසය කරන බව මුගලන් හිමියන් බුදුරදුන්ට පැවසුවේ ය. එම වේලාවේ දි බුදුරදුන් සත්ත බොජ්ජඣංග දේශනා කළහ. දේශනාව අවසානයේ මුගලන් මහ රහතන් වහන්සේ රෝගයන්ගෙන් සහනය ලබා නීරෝගිව නැගී සිටි සේක.

මහාචුන්දථෙර බොජ්ඣංග පිරිත

බුදුරදුන් රජගහ නුවර වේළුවන විහාරයෙහි වාසය කරන සමයෙක ගිලන් තත්ත්වයට පත් වූ සේක. සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටි මහා චුන්ද තෙරුණ් වහන්සේ බුදුරදුන් සමීපයට වැඩම කළහ. බුදුරදුන් මහා චුන්ද හිමියන්ට සත්ත බෝජ්ඣංග ධර්ම වැටහෙන්නේ දැයි ප්‍රශ්න කළහ. මහා චුන්ද හිමියන් තමන් වහන්සේට සත්ත බොජ්ඣංග ධර්ම වැටහෙන බවත් බෝසතාණන් වහන්සේ විසින් එම ධර්ම නැවත නැවත පුහුණු කරන ලද බවත් එම ධර්ම විශිෂ්ට ඥානය පිණිස සම්‍යක් සම්බෝධිය පිණිස, නිවන් පිණිස පවතිත් යැයි ප්‍රකාශ කරමින් සත්ත බොජ්ඣංග ධර්ම එකිනෙක දේශනා කළහ. දේශනාව අවසානයේ බුදුරදුන් සත්ත බොජ්ඣංග ධර්ම ඒකාන්තයෙන් ම සත්‍ය බව වදාළහ. මහා චුන්ද හිමියන් බොජ්ඣංග ධර්ම දේශනා කර අවසන් වන විට බුදුරදුන්ගේ රෝගය සංසිඳුනි.

ගිරිමානන්ද සූත්‍රය

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයෙහි ගිරිමානන්ද හිමිපාණන් වහන්සේ හටගත් ආබාධ ඇතුව දැඩි ලෙස ගිලන් බවට පත්විය. ආනන්ද හිමිපාණන් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ ගිරිමානන්ද හිමියන් දැඩි ලෙස රෝගාතුරව වාසය කරන බවත් ඒ නිසා එහි වැඩම කරවන ලෙසත් ආරාධනා කළහ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමිපාණන්ට ගිරිමානන්ද හිමියන් සමීපයට ගොස් දස සංඥා දේශනා කරන ලෙසත් ඒවා ශ්‍රවණය කිරීමෙන් ගිරිමානන්ද හිමියන්ගේ ආබාධ සුවවන බවත් දේශනා කළහ. දස සංඥා වන්නේ.

අනිච්ච සංඥා

නිච්ච යන්නෙන් අදහස් කරන්නේ නිත්‍ය බවයි. ස්ථිර බවයි. නොවෙනස්ව පවතින බවයි. නමුත් බුදු දහම ලොව සියල්ල අවස්ථා තුනක් යටතේ පෙන්වා දෙයි. ඒවා නම් උත්පාද, ඨිති, භංග යනුවෙනි.

උත්පාද යන්නෙන් හට ගැනීමත්

ඨිති යන්නෙන් පැවැත්මත්

භංග යන්නෙන් විනාශ වීමත් පෙන්වා දෙයි.

බුදු දහමට අනුව පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර භූත ලක්ෂණයන්ගෙන් සකස් වුණු සියල්ල මෙන් ම චේතනා සමූහයන් ද ක්ෂණයක් පාසා වෙනස්වීම්වලට ලක් වේ. එලෙස වෙනස් වීමට හසු නොවන කිසිදු ධර්මතාවයක් නොමැති බව බුද්ධ දේශනාවයි. මේ අනිච්ච යන්නෙන් භෞතික මෙන් ම චේතනා සමූහයන් ද මොහොතින් මොහොත වෙනස්වීම්වලට ලක්වෙමින් විපරිනාමයට පත්වීම පෙන්වා දී තිබේ.

අනත්ත සංඥා

බුදු දහමේ අත්ත ශබ්දයෙන් අදහස් කරන්නේ තමා යන්න ය. දිගින් දිගට ම සසර පවතින පුද්ගලයෙක් ඇතැයි සැලකීම ආත්ම වාදය යි. දිගින් දිගට ම සසර පවතින පුද්ගලයෙක් නැතැයි යන්න අනාත්ම වාදය යි. නමුත් බුදු දහම ආත්මවාදය මෙන් ම අනාත්ම වාදය ද බැහැර කොට අනාත්ම යන්නෙන් තමා හෝ තමාට අයත්යැයි ගතහැකි ස්ථිර සාර පදාර්ථයක් හෝ වස්තුවක් නොමැති බව පෙන්වා දී තිබේ.

අසුභ සංඥා

ශරීරයේ, හිසේ, කේසාන්තයේ සිට පාදාන්තය දක්වා ඇති සියලු දේ සුභ වශයෙන් සැලකිය නොහැකි බව ධර්මය තුළ සඳහන් වේ. ඒ සියල්ල තුළ අන්තර්ගත වන්නේ අසුභ තත්ත්වයකි. බුදුරදුන් බොහෝ අවස්ථාවල දී පෙන්වා දෙන්නේ පුද්ගලයා යනු ද්වාර නවයකින් පිටතට අපවිත්‍ර දේ බැහැර කරන සත්වයෙක් බවයි. එම නිසා ම සියලු දේ ප්‍රිය ලෙස සුභ ලෙස සැලකිය නොහැකි බව පැහැදිලි කර දී තිබේ.

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]