UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. උසස් පෙළ විභාගය 2018 (අගෝස්තු) : බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර - අභ්‍යාසය (1)

අ.පො.ස. උසස් පෙළ විභාගය 2018 (අගෝස්තු) :

බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර - අභ්‍යාසය (1)

1) (අ) බුදුරදුන්ට පමණක් විශේෂ වූ අෂ්ට විද්‍යා ඥාන නම් කොට ඉන් තුනක් කෙටියෙන් හඳුන්වා දෙන්න.

1. විදර්ශනා ඥානය – ත්‍රිලක්ෂණය පිළිබඳ

ඇති අවබෝධය

2. මනෝමය ඍද්ධි ඥානය – මනසින් කළ

හැකි මැවීම

3. ඍද්ධි විධ ඥානය – ප්‍රාතිහාර්යය පෑමේ

හැකියාව

4. දිබ්බසෝත ඥානය – ඕනෑම දෙයක්

ඇසීමට ඇති හැකියාව

5. පරචිත්ත විජානන ඥානය – අණ්‍යයන්ගේ

සිත් දැනගැනීමේ හැකියාව

6. පුබ්බේනිවාසානුස්සති ඥානය – පෙර

භවයන්හි උප්පත්තිය දැනීමේ හැකියාව

7. දිබ්බ චක්ඛු ඥානය – චුති උප්පත්තිය

දැනීමේ හැකියාව

8. ආසවක්ඛ්‍ය ඥානය – සියලු කෙලෙසුන්

නැසීමේ ඇති හැකියාව

ඉහත ඥානයන් බුදුරදුන්ට පමණක් සීමා වී ඇත. එම ඥානයන්ගෙන් උන්වහන්සේට විවිධ වූ අන් අයට කළ නොහැකිදේ කළ හැකි ය.

(ආ) බුදුරදුන්ගේ තාදිගුණය නිදසුන් මගින් පැහැදිලි කරන්න.

අටලෝදහම් විෂයෙහි නොසැලීමේ ගුණය තාදිගුණය නම් වේ. ලාභ– අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක අටලෝදහම් වන අතර ලාභ, යස, ප්‍රශංසා, සැප හමුවෙහි පුහුදුන් පුද්ගලයෝ උද්දාමයට, පී‍්‍රතියට පත්වෙති. නමුත් අලාභය,අයස, නින්දාව, දුක හමුවෙහි තැවෙති. බුදුරදුන්ගේ ස්වරූපය වුයේ නින්දා, ප්‍රශංසා දෙකෙහි දීි ම ඒ සියල්ල සම සිතින් ඉවසා කටයුතු කිරීමය.අටලෝ දහමෙහි නපුර අලාභය, අයස, නින්දාව හා දුක ඉදිරියේ වඩාත් දැනේ. බුදුරදුන් මේවාට එඩිතරව මුහුණ දුන්නහ. වේරංජා පුරයෙහි වස් විසූ අවස්ථාවේ යව ආහාර වැළඳීමට සිදුවීම, සුන්දරී පරිබ්‍රාජිකාව මරණයට පත්කොට සඟවා තිබු අවස්ථාවේ උන්වහන්සේට චෝදනා ලැබීම, චිංචිමානවිකාගේ අපහාසය, මාගන්දි බැමිණියගේ අපහාසය,අක්කෝසක බමුණා උන්වහන්සේ සමීපයට පැමිණ පරීභව කිරීම, සුනක්ඛත්ත, අරිට්ට, සාති වැනි භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන්හි දී උන්වහන්සේ නොසැලී ක්‍රියා කළහ.

අනේපිඬු , විශාකා මහා උපාසිකා වැනි සිටුවරුන් හා සිටුවරියන් මෙන්ම බිම්බිසාර , කොසොල් වැනි රජවරුන් උන්වහන්සේට විවිධ දෑ පූජා කළත් ඒවායෙන් උද්දාමයට පත් නොවීම, මේ සියලු නිදසුන් උන්වහන්සේගේ තාදිගුණයට උදාහරණ ය.

(ඇ) බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදන කුසලතාවය ප්‍රකට වන්නේ උන්වහන්සේගේ දේශනා මගිනි. එවැනි දේශනා ක්‍රම දෙකක් පැහැදිලි කරන්න.

බුදුරදුන් දහම් දේශනා කිරීමේ දී අනුගමනය කළ ප්‍රධාන දේශනා ක්‍රම දෙකක් වශයෙන් ආනුපුබ්බී කථා ක්‍රමය හා සාමුක්කන්සික දේශනා ක්‍රමය හඳුන්වාදිය හැකි ය. ආනුපුබ්බී දේශනා ක්‍රමය නම් බුද්ධියෙන් හීන අය සඳහා ධර්මය දේශනා කිරීමේ දී අනුගමනය කරනු ලබන පිළිවෙත යි. ගැඹුරු දහම් අවබෝධ කර ගැනීමට පහසු නොවන හෙයින් සරල කරුණු වලින් පටන්ගෙන විස්තර කිරීම මෙහි ලක්ෂණය යි. දාන කතා, සීල කතා, සග්ග කතා කාමයන්හි ආදීනව, කෙලෙස්වල ස්වභාවය නෛස් කර්මයෙහි ආදීනව ආදි වශයෙන් විවිධ කතා වලින් ද ඊට සම්බන්ධ උපමා වලින් ද ධර්මය තෝරාදීම ආනුපුබ්බී කතා ක්‍රමයයි. පේ‍්‍රත වස්තු, විමාන වස්තු, ජාතක දේශනා ධම්ම පද දේශනා මෙකී ක්‍රමයට නිදසුන් ය.

සාමුක්කන්සික දේශනා ක්‍රමය යනු නුවණ මුහුකුරාගිය පුද්ගලයන් උදෙසා අනුගමනය කරන ක්‍රමයයි. ධර්මයේ ගැඹුරු තැන් සම්බන්ධ කොටගෙන දහම් දෙසීමේ ක්‍රමය යි. දම්සක් පැවතුම් සූත්‍රය. මහා සතිපට්ඨාන සූත්‍රය නිදසුන් වශයෙන් දැක්විය හැකි අතර පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය වැනි මාතෘකා ඍජුව ගෙන සාකච්ඡා කිරීම ද දැක්විය හැකි ය.

(ඈ) ධර්ම සන්නිවේදනයේ දී බුදුරදුන් ප්‍රශ්න විසඳූ ක්‍රම හතරක් හඳුන්වා දෙන්න.

බුදුරදුන් සමඟ බද්ධ පුද්ගලයන් දහම් ඇසීමට පැමිණියහ. ඔවුන් විවිධාකාරයේ ප්‍රශ්න උන්වහන්සේට ඉදිරිපත් කළහ. එවන් අවස්ථා වලදී ප්‍රශ්න විසඳූ ක්‍රම 04 ක් තිබේ. එනම්

1.අත්ථජ්ඣාස ක්‍රමය

උන්වහන්සේගේ අදහසට අනුව කළ දේශනාවන් අත්ථජ්ඣාස නම් වේ. අරිය වංශ දේශනා හා සලායතනය, මහා සතිපට්ඨානය වැනි සූත්‍ර මෙකී ක්‍රමයට නිදසුන් වේ.

2.පරජ්ඣාස ක්‍රමය

වෙනත් අයකුගේ අදහසට අනුව කරනු ලබන දේශනා මේ නමින් හැඳින් වේ. දම්සක් පැවතුම් සූත්‍රය හා චූල රාහුලෝවාද සූත්‍රය නිදසුන් ය.

3.පුච්ඡාවාසික ක්‍රමය

ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කළ දේශනා මේ නමින් හැඳින්වේ. දේවතා සංයුක්ත, මාරසංයුක්ත, බ්‍රහ්ම සංයුක්ත නිදසුන් ය.

4.අට්ඨුපත්තික ක්‍රමය

අටුවා මගින් පැහැදිලි කරමින් ප්‍රශ්න විසඳන ක්‍රමය මේ නමින් හැඳින් වේ. චූල සීහනාද, චන්දූපම වැනි සූත්‍ර නිදසුන් ය.

(ඉ) ද්‍රෝණ ලෝක සූත්‍රයට අනුව බුදුරදුන්ගේ පද්මාකාර ජීවිතය යනු කුමක්දැ’යි පැහැදිලි කරන්න.

ජලයෙහි ඉපිද, ජලයෙහි නොගැටී ඉහළට එසවී ඇති පියුමක් මෙන් තමන් වහන්සේ ද මිනිසුන් අතර ඉපදී මිනිසුන් සමඟ නොගැටී සිටින සියලු කෙලෙසුන් නැසූ උත්තරීතර මනුෂ්‍යයෙක් බව ද්‍රෝණ නමැති බමුණාට පැහැදිලි කොට ඇත.

පද්මාකාර ජීවිතයක් යනු පිවිතුරු ජීවිතයකි. එමෙන්ම නොකලැල් ජීවිතයකි. උන්වහන්සේගේ හැසිරීම වචන කිසිවෙකුට හෝ හානිකර නොවන්නේ ය. නෙළුම් විල බබළවන්නාක් මෙන් උන්වහන්සේගේ සියලු ක්‍රියාවන් සමාජයේ බැබළවීමට හේතු විය. උන්වහන්සේ සම වන්නේ තවත් බුදුවරයෙකුටම පමණ යි. අටලෝ ධර්මතාවන්ට නොසැලී කටයුතු කිරීමටත් ඕනෑම දරුණු පුද්ගලයෙකු අභිමුඛයට ගොස් ඔහු මෙල්ල කිරීමට හැකියාවත් උන්වහන්සේට තිබුණි. අන්‍යාගම් විෂයෙහි දැක්වූ සහනශීලි ප්‍රතිපදාව ද උන්වහන්සේගේ පද්මාකාර ජීවිතය ඔපවත් කළහ.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]