UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් සහ ''සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන'' ගෞරව නාමයෙන් පිදුම් ලබන ආචාර්ය කඩවත්ගම පියරතන නා හිමි

අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී

ශ්‍රී සුගත තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත භික්ෂු ශාසනය වසර දෙදහස් පන්සියයක් තිස්සේ අවිච්ඡින්නව අඛණ්ඩව සුරක්ෂිතව පැවතීමට කටයුතු සම්පාදනය වූයේ සර්වඥයන් වහන්සේ ධරමාන අවධියේ දී ම ය. සැරියුත්, මුගලන්, මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේ ප්‍රධානත්වයෙහි තබා පැවිදි උතුමන් කෙරෙහි අගතනතුරු ප්‍රදානය කිරීමෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සිදුවූ අයුරු සුපැහැදිලි කරුණකි. එම පෞරාණික චාරිත්‍ර අතීතයේ පටන් වර්තමානය දක්වා පවත්වමින් මහා විහාරවංශික මල්වතු අස්ගිරි උභය මහාවිහාරයෙහි එලෙසින් ම ප්‍රදානය කිරීම කාලෝචිත මහාර්ඝ ශාසනික කටයුත්තකි. ශී‍්‍ර බුද්ධ වර්ෂ 2562 ක් වු වෙසක් මස අමාවක නම් තිථිය ලත් සඳු දින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2018 ක් වු මැයි මස 14 වන සඳු දින මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ධූරන්ධර අතිගෞරවාර්හ ශ්‍රීමත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක විංශත්වර්ගික කාරක මහාසංඝ සභාවේ අනුමැතියෙන් ‘සද්ධර්ම කීර්ති ශී‍්‍ර ගුණරතන” යන ගෞරව නාම සහිතව “උතුරු නුවරගම් පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මැදවච්චිය ඉසින්බැස්සගල රජමහ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති රාජකීය පණ්ඩිත දර්ශන විශාරද කඩවත්ගම පියරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පිරිනැමෙන අභිනව නායක පදවිය ද සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම වන්නේ ය.

ඉතිරිය»

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]