UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

කෙලෙස් මාරයාට වසඟ නොවන්නට...

"මේ ජීවිතය හැම මොහොතෙම පිදුරුවලින් තැනූ ගෙයක් වගේ. කෙලෙස් නමැති මාරයාගේ ගින්දරෙන් දැවි දැවී තිබෙනවා. අනාගතය ගැන කල්පනා කරමින්, අතීතය ගැන කල්පනා කරමින් අප මේ හිත දව දවා තිබෙනවා. මේකට හේතුව අසිහියෙන් ඉන්ද්‍රියය පරිහරණය නොවේද?" අවස්සුත පරියාය සූත්‍රය සඳහන් වන්නේ සංයුක්ත නිකායේය. මේ සූත්‍රය වර්තමානයේ අප දැන ගත යුතුම සූත්‍රයක්. මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කරන ලද ධර්ම දේශනා සූත්‍ර පිටකයේ බොහොම අඩුයි. මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව බුදුන් වහන්සේ විස්තර කොට ඇත්තේ හරියට කිරි අම්මා කෙනෙක් හැටියට. සාමාන්‍යයෙන් කිරි අම්මා කියන්නේ දරුවන් රැක බලා ගන්නා, පෝෂණය කරන කෙනාට. ඒ කියන්නේ ශාසනයේ මාර්ගඵල ලබා ඇති ශ්‍රාවකයන් පිරිහෙන්නට නොදී ආරක්ෂා කරගන්නා නිසා බුදුන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ කිරි අම්මා කෙනෙක් වගේ යැයි දේශනා කළා.  බුදුන් වහන්සේ ලොව සියලුම ධර්ම හැඳින්වීමට තනි වචනයක් භාවිත කොට තිබෙනව. ඒ වචනය තමයි, අර්ථ, අභිධර්මයේ සඳහන් ආකාරයට අර්ථ කියන්නෙ. සිතින් හඳුනා ගත හැකි සියලු දේවලටයි. මේ අර්ථ කියන දේ කොටස් දෙකකට බෙදා තියෙනව. ඒවා තමයි පරමාර්ථ සහ හීනාර්ථ, පරමාර්ථ ධර්ම ගොඩක් නැහැ. පරමාර්ථ ධර්ම තියෙන්නෙ 82 යි. සිතත්, චෛතසික දෙපණසත්, රූප 28 ත් නිබ්බාන ධාතුවත්, ඒ හැර පරමාර්ථ ධර්ම යනුවෙන් වෙන යමක් නැහැ. පරමාර්ථ කියන්නෙ සැබෑවටම තිබෙනව. වෙනස් කරන්න බැහැ.

ඉතිරිය»

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]