UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩරට අමරපුර මහා නිකායේ සාසනජෝතිකා කාරක සංඝසභාවේ උපසම්පදා විනය කර්මය ජූනි 22 – 23 දිනවල

උඩරට අමරපුර මහ නිකායේ සාසන ජෝතිකා කාරක සංඝසභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්මය උඩරට අමරපුර මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාය නුවරඑළියේ චන්දජෝති මහානාහිමියන්ගේ සහ අනුනායක සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම, වජිරජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජූනි මස 22 සහ 23 යන දිනයන්හි මහනුවර ගැටඹේ ආසන්න වරාතැන්න සිරිමහ බෝධි උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වේ. උපසම්පදා අපේක්ෂක සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් පෙර පුහුණුව ජූනි මස 15,16,17 යන දිනවලදී ද උපසම්පදා පරීක්ෂණ විභාගය ජූනි මස 17 වෙනි දින පැවැත්වෙන අතර උපසම්පදා අපේක්ෂක අයදුම්පත් බාර ගැනීම මැයි මස 01 සිට ජූනි මස 05 දක්වා සිදු කෙරේ.

ඉතිරිය»

උඩරට අමරපුර මහා නිකායෙන් නායක පදවි හා සම්මාන ලබති

උඩරට අමරපුර මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාය, නුවරඑළියේ චන්දජෝති මහා නාහිමියන් සහ අනුනායක සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති අනුනාහිමියන් ප්‍රමුඛ සාසනජෝතිකා කාරක සංඝ සභාව මඟින්, පොළොන්නරු මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය මැදිරිගිරිය පශ්චිමාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති මැදිරිගිරියේ අස්සජී හිමිපාණන් වහන්සේට ද සම්මාන සංඝ නායක පදවියක්, මින්නේරිය අරලිය උයන සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොණාකළගල සීවලී හිමිපාණන් වහන්සේට ද බුද්ධසෝමවංශාලංකාර විචිත්‍රභාණී, යන ගෞරව නාමය හාරිස්පත්තුව දුල්වල සෝමගිරි විහාරාධිපති හිරියලගම්මන බුද්ධදත්ත හිමිපාණන් වහන්සේට ද පිරිනමා ඇති අතර, ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම, මහනුවර වරාතැන්න මහවැලි නදී සිරිමහ බෝධි සීමාමාලකයේ දී මහානාහිමි සහ අනුනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ දී පසුගියදා සිදු කෙරුණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කෙලෙස් මාරයාට වසඟ නොවන්නට...

"මේ ජීවිතය හැම මොහොතෙම පිදුරුවලින් තැනූ ගෙයක් වගේ. කෙලෙස් නමැති මාරයාගේ ගින්දරෙන් දැවි දැවී තිබෙනවා. අනාගතය ගැන කල්පනා කරමින්, අතීතය ගැන කල්පනා කරමින් අප මේ හිත දව දවා තිබෙනවා. මේකට හේතුව අසිහියෙන් ඉන්ද්‍රියය පරිහරණය නොවේද?" අවස්සුත පරියාය සූත්‍රය සඳහන් වන්නේ සංයුක්ත නිකායේය. මේ සූත්‍රය වර්තමානයේ අප දැන ගත යුතුම සූත්‍රයක්. මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කරන ලද ධර්ම දේශනා සූත්‍ර පිටකයේ බොහොම අඩුයි. මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව බුදුන් වහන්සේ විස්තර කොට ඇත්තේ හරියට කිරි අම්මා කෙනෙක් හැටියට. සාමාන්‍යයෙන් කිරි අම්මා කියන්නේ දරුවන් රැක බලා ගන්නා, පෝෂණය කරන කෙනාට...

ඉතිරිය»

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් සහ ''සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන'' ගෞරව නාමයෙන් පිදුම් ලබන ආචාර්ය කඩවත්ගම පියරතන නා හිමි

අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී

ශ්‍රී සුගත තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත භික්ෂු ශාසනය වසර දෙදහස් පන්සියයක් තිස්සේ අවිච්ඡින්නව අඛණ්ඩව සුරක්ෂිතව පැවතීමට කටයුතු සම්පාදනය වූයේ සර්වඥයන් වහන්සේ ධරමාන අවධියේ දී ම ය. සැරියුත්, මුගලන්, මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේ ප්‍රධානත්වයෙහි තබා පැවිදි උතුමන් කෙරෙහි අගතනතුරු ප්‍රදානය කිරීමෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සිදුවූ අයුරු සුපැහැදිලි කරුණකි. එම පෞරාණික චාරිත්‍ර අතීතයේ පටන් වර්තමානය දක්වා පවත්වමින් මහා විහාරවංශික මල්වතු අස්ගිරි උභය මහාවිහාරයෙහි එලෙසින් ම ප්‍රදානය කිරීම කාලෝචිත මහාර්ඝ ශාසනික කටයුත්තකි.

ඉතිරිය»

නාලාගිරි දමනය

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]