UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

සුදු වතින් සැරසුන සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ වෙසක් පුන් පොහෝ දා (29) මිහින්තලා ලේක්හවුස් මාසික කංචුක පූජාව මිහින්තලා පුද බිමේ දී සිදු කළේ ය. මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පුණ්‍ය කර්මය සිදු කරනු ලැබූහ. සෑම මාසයකම පොහෝ දින ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් පවත්වනු ලබන එම කංචුක පූජාමය පින්කම දෙවන වසරටත් මෙවර සිදු කරනු ලැබුවේ පානදුර නල්ලුරුව පදිංචි උයන්ගොඩගේ ශ්‍යාමලී, උයන්ගොඩගේ දිල්හානි, උයන්ගොඩගේ පි‍්‍රයංකා, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි ධර්මදාස මහතා ඇතුළු පවුලේ ඥාති පිරිස සහ නල්ලුරුවේ රසික රාජකරුණා, විජිත් ප්‍රනාන්දු ඇතුළු සැදැහැවත් පිරිසක් විසිනි. මිහින්තලා පුදබිමේ මැදමළුවේ සිට පෙරහරින් සාධු නාද මධ්‍යයේ කංචුකය වැඩම කරගෙන යාමෙන් අනතුරුව මිහින්තලා මහා සෑ චෛත්‍යරාජයාණන් වෙත පූජා කිරීම සිදු විය. මිහින්තලා රජමහා විහාරවාසී කේමරතන හිමියන් විසින් ආගමික වතාවත් සිදු කළහ. ලේක්හවුස් ආයතනයේ අනුරාධපුර ලේක්හවුස් ශාඛා කාර්යාල ප්‍රධාන එන්.පි.මංජුල මහතා ඇතුළු සැදැහැවතුන් රැසක් ද ඊට සහභාගි වූහ. ඡායාරූප – අනුරාධපුර අතිරේක, කප්රුක පෙරහරින් රැගෙන ඒම ඇතුළු එම පින්කමෙහි අවස්ථා කිහිපයක් මෙහි වේ. අමිල ප්‍රභාත් වනසිංහ

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]