UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරයේ දී පින්කම් මාලාවක්

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරයේ දී පින්කම් මාලාවක්

වැලිගම්කෝරළේ ප්‍රධාන සංඝනායක
කැටවල ඉන්දසාර හිමි

ගාල්ල, යක්කලමුල්ල තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානය දර්ශනීය පරිසරයක පිහිටා ඇති ඉපැරැණි විහාරස්ථානයකි. සිරිමල්වත්තේ ගුණරතන මාහිමිපාණන් වහන්සේ මෙහි ආරම්භක විහාරාධිපතින් වහන්සේ ලෙස සඳහන් වන අතර, භික්ෂූන් වහන්සේ නමක් නොමැතිව බොහෝ කාලයක් මෙම පින්බිම පාළුවට ගොස් තිබී ඇත. පසුකාලීනව එම විහාරස්ථානය තෙල්ලඹුරේ ශ්‍රී අරියවංස නා හිමිපාණන් වහන්සේට අයිතිවී ඇත. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය කොක්මාදුව සරණපාල නාහිමියන් දීර්ඝ කාලයක් විහාරාධිපතීන් වහන්සේ ලෙස වැඩ වෙසෙමින් ස්ථානයට හා ප්‍රදේශයට අපමණ සේවාවක් සිදුකළහ. කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමිපාණන් විසින් තම ප්‍රධාන පැවිදි ශිෂ්‍ය ලේල්වල ඉන්දජෝති හිමියන්ට විහාරස්ථානය පවරා දෙන ලදී.

ඛෙත්තාරාම ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ ඉන් පසුවයි. විවිධ හැකියාවන්ගෙන් පිරිපුන් ක්‍රියාශීලී යතිවරයන් වහන්සේ නමක් ලෙස ප්‍රදේශයේ ගිහි පැවිදි සෑම දෙනාගේම ගෞරවය දිනාගත් ලේල්වල ඉන්දජෝති හිමියන් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ලබාගෙන විහාරස්ථානය දර්ශනීය පින් බිමක් බවට පත් කළහ. වාර්ෂිකව දුරුතු මහා පෙරහර හා විවිධ උත්සව පින්කම් පවත්වමින් විහාරස්ථානය ප්‍රදේශයේ ප්‍රකට පුද බිමක් බවට පත් කළහ. විහාරස්ථානයේ අභිනවයෙන් සාදවන ලද සතර මහා දේවාලය හා දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය මෙම මස 20 දින සවස සිදු කිරීමට නියමිතව තිබිණි. එම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමි, කැලණිය රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමි ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි උතුමන් රාශියක් සහභාගි වීමට නියමිතව තිබිණි. 20 දා රාත්‍රී සත්වරුවේ පිරිත් දේශනාව ආරම්භ විය.

24 වන දින දවල් ශතාධික මහා සංඝරත්නය උදෙසා සඟ සතු මහා දානයක් පූජා කිරීමට නියමිත ය. විහාරාධිපති ලේල්වල ඉන්ද ජෝති හිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම හා කැපවීම මත පරිවෙණාධිපති ශාස්ත්‍රපති පලල්ලේ සරණජෝති හිමි, විදුහල්පති ශාස්ත්‍රපති හල්මෑල්ලේ මහින්ද හිමියන්ගේ හා විහාරස්ථ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් පින්කම් මාලාව පැවැත්වේ.

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]