UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෞරව සම්මානෝපාධි ලබන කහගොල්ලේ සෝමවංශ හිමි

ගෞරව සම්මානෝපාධි ලබන කහගොල්ලේ සෝමවංශ හිමි

ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද, කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන්, අමරපුර මහා නිකායෙන් සහ ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙන් පිරිනමන ලද ගෞරව සම්මානෝපාධි පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නාහිමියන් සහ අනු නාහිමිවරු සහ මකුලෑවේ විමල අධිකරණ නා හිමි , මහා ලේඛකාධිකාරී හිමි, අධිකරණ ලේඛකාධිකාරී හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක කාරක සංඝ සභා හිමිපාණන් වහන්සේලාගේ ඒකච්ඡන්දයෙන් කථානායකතුමා ප්‍රධාන රාජ්‍ය මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් ‘ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන ජෝතික පරියත්ති විශාරද සංඝසෝභන’ යන ගෞරව සම්මානෝපාධිය පිරිනමන ලදී.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනගාරික ධර්මපාල පදනම විසින් ‘සාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද සද්ධර්ම වාගිස්වරාචාර්ය’ යන ගෞරව සම්මානෝපාධිය පිරිනමන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සංඝ සභාව විසින් ‘ශ්‍රී සාසනධජ පරියත්ති කෝවිද ධර්මකීර්ති සාසනමාමක’ යන ගෞරව සම්මානෝපාධිය පිරිනමන ලදී.

එම ගෞරව සම්මානෝපාධි පිළිබඳ සන්නස් පත්‍ර පිළිගැන්වීම ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක, මහෝපාධ්‍යාය පහළවිටියල ජනානන්ද හිමි, ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සංඝ සභාවේ ප්‍රධාන සභාපති, කම්මට්ඨානාචාර්ය මීතලාවේ විනීත හිමිපාණන් වහන්සේගේ සුරතින් මාර්තු මස 26 වෙනි දින සවස 4.00ට අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසන මූලස්ථානයේ පිණ්ඩපාත ශාලාවේ දී පැවැත්වේ.

උන්වහන්සේ එම්. කේ. ජයසිංහ සහ ඩබ්ලිව්.එම්. සීලවතී දම්පතීන්ගේ දරුවන් හය දෙනා අතර දෙවන දරුවා ලෙස 1965 දෙසැම්බර් 19 වනදා ජන්ම ලාභය ලැබී ය.

නිසි වයසේ දී දියතලාව කහගොල්ල ජාතික පාසලෙන් අ.පො. ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ එම කුමරුවා 1982 දී පමණ ගල්දූව ආරණ්‍ය සේනාසනය ට පැමිණියේ ය.

තෙරුවන් කෙරෙහි වූ ප්‍රසාදයත්, පැවිද්ද කෙරෙහි දැක්වූ බලවත් ඇල්මත් නිසා ම 1983 මාර්තු 27වනදා කහගොල්ලේ සෝමවංශ නමින් කඩවැද්දූව ජිනවංශ නා හිමියන්ගේ සහ නාඋයනේ අරියධම්ම අනු නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත් විය.

කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයෙන් පැවිදි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1983 දී පමණ නැවත ගල්දූව ආරණ්‍ය සේනාසනයේ නේවාසික වූහ.

1985 දී අධිසිල් ලැබූ කහගොල්ලේ සෝමවංශ හාමුදුරුවෝ තෙරුවන් කෙරෙහි නොපැහැදුන අයගේ සිත් ප්‍රසාදය වඩවන ආකාරයටත්, ප්‍රසාදයට පත් අයගේ ප්‍රසාදය වඩවන ආකාරයටත් කටයුතු කරමින් මහත් ගෞරවයට පාත්‍ර වූහ. තමන් වහන්සේට ම ආවේණික වූ සරල බස් වහරකින් සදහම් දෙසන උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස ද ගෞරවයට පාත්‍රව වැඩ වෙසෙති.

ගිහි පැවිදි උභය සමාජයේ ගෞරවයට පාත්‍රව වැඩ සිටින කහගොල්ලේ සෝමවංශ හිමියන්ට තෙරුවන් සරණ හා දිගාසිරි පතමු.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]