UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මිනිසා අන්ධ කරන මානසික ආවේගය

 

ක්‍රි.ව. 1951 දී ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහා ජාත්‍යන්තර සමුළුවක් පැවැත්විණි. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත් ජපානය පිළිබඳව තීරණයක් ගැනීමට ය. බ්‍රිතාන්‍ය ප්‍රධාන මිත්‍ර පාර්ශ්වික රාජ්‍ය ජයග්‍රහණයෙන් උද්‍යෝගීව සිටි අවස්ථාවේ, ඔවුන් සියලු දෙනා කියා සිටියේ ජපානයේ දඩබ්බර, හිතුවක්කාර වැඩ පිළිවෙළ නිසා, ලෝක සාමයට තර්ජනයක් වූ වැඩපිළිවෙළ නිසා ජපානයට තහංචි පැනවිය යුතු බව ය. ලෝක රාජ්‍ය අතර තනි කළ යුතු බවය. මේ අවස්ථාවේ ජපානය ලෝක ප්‍රජාව ඉදිරියේ අන්ත අසරණ බවට පත්විය. එහෙත් ලංකාවෙන් මෙම සමුළුවට සහභාගී වූ ලංකාව නියෝජනය කළ ජේ.ආර්. ජයවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොතේ ජයග්‍රහණය ලැබූ අය අනුකම්පාවෙන් ක්‍රියාකළ යුතු බව ය. ලෝකයට විශිෂ්ට දර්ශනයක් ඉදිරිපත් කළ අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි, ‘නහි වේරෙන වේරානි සම්මන්තීධ කුදාචනං අවේරෙන ච සම්මන්ති එස ධම්මො සනත්තනො’ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන්නේ ය. තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සංසිදෙන්නේ කරුණාවෙන් ය. මෛත්‍රියෙන් ය. වෛරයට වෛරයෙන් පිළිතුරු දෙන්නට යාම නොසන්සිඳෙන ව්‍යසනයක් බවට පත්වන්නේ ය.

ඉතිරිය»

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]