UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

පංච ශීලයෙහි පෙළගැස්ම

බෞද්ධයාගේ නිත්‍යශීලය වන පංචශීලය සුභඵල අපේක්ෂා කරන ඕනෑම කටයුත්තක දී පෙරටු කරගැනීම චාරිත්‍රයක් බවට පත්ව තිබේ. පස්පව් වශයෙන් සැලකෙන සතුන් මැරීම. සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම හා මත්ද්‍රව්‍ය පානය පුද්ගල චරිතය කිලුටට පත් කරයි. කිලුට ට පත්ව අපිරිසුදු වූ පුද්ගලයා පිරිසුදුවීමකින් තොරව කරන කටයුත්ත ද අපිරිසුදු විය හැකි ය. එනිසා යම් පින්කමක් හෝ මංගල අවමංගල කාර්යයක් හෝ සමාජ කටයුත්තක් සිදුකරන අවස්ථාවක ඒ වේලාවේ ම සමාදන් වූ සීලයෙන් සමන්නාගත කිරීම බෞද්ධ සම්ප්‍රදාය වී තිබේ. අපි ආහාර පාන ගන්නට පෙර අත් සෝදා ගනිමු. අතේ තැවරී ඇති අපවිත්‍ර දෙයක් ආහාර හා මුසු වී කුස තුළට පිවිසීම වළක්වා ගනු පිණිස එසේ කරමු. එසේ නොවුනහොත් අතේ තැවරුණු විෂබීජ ආහාර මාර්ගයට ඇතුල් වීමෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි ය. රැයේ නිද්‍රෝපගතව සිටි කෙනෙකු උදෑසන සමාජය ඉදිරියට යන්නේ දත්මැද මුහුණ අතපය සෝදා ප්‍රසන්න පෙනුමක් ලබාගෙන ය. දත් නොමැද, අවුල් වූ කෙස් කළඹින් හා පොඩි වී ගිය ඇඳුමින් සමාජයට පිවිසෙන තැනැත්තා දැකීම පවා සමාජය පි‍්‍රය නොකරයි. මින් අදහස් කෙරෙන්නේ පුද්ගල ජීවිතයට හෝ සමාජයට වැදගත් වන යම් අවස්ථාවකට එළැඹිය යුත්තේ කායික හා වාචසික සදාචාර භාවයකින් අනතුරුව බවයි. ඒ සඳහා පස්පවින් වැළැකී සිටීමේ ප්‍රඥප්තියෙහි පිහිටා සිටීම ඉතා වැදගත් ය.

ඉතිරිය»

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]