UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ පෙළ රටේ ජීවනාලියයි

තරුණ පෙළ රටේ ජීවනාලියයි

"තාරුණ්‍යයට බෙහෙවින් ගැලපෙන්නා වූ දර්ශනයක් , හොඳ මග පෙන්වීමක් , මෙලොව වශයෙන් සැප විඳිමින් එකිනෙකාට ඇල්ම දක්වමින් කරුණාව, මෛත්‍රිය, දක්වමින් උපේක්ෂාවෙන් ජීවත්වන ආකාරය බුදු දහමේ පහදා දෙයි."

මෙම ලිපියෙහි කොටසක් මාර්තු 09 වන දා පත්‍රයේ පළ විය.

බුද්ධිමත් තරුණයන් ගතානුගතිකත්වය රුචි නොකරයි. එය තාරුණ්‍යයේ ස්වභාවය යි. පරණ හණ මිටිවල එල්ලී සිටීමෙන් කවදාවත් තෘප්තියක් ලැබිය නොහැකි බවත්, මෙලොව පරලොව දියුණුවක් ලැබිය නොහැකි බවත් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. නිසරු නිෂ්ඵල පරණ දේ ඉවත දමමින්, වඩාත් ඵලදායක, වටිනා නවීන දේ පිළිගත යුතු බවට බුදුදහම අවධාරණය කරයි. සිතා විමසා කටයුතු කරන නිදහස් තරුණ චින්තනයට බුදුරජාණන් වහන්සේ අවස්ථාව ලබාදුන්නද, එම වකවානුව තුළ එවැනි පසුබිමක් නොතිබිණි.

ඇසූ පමණින්, පරම්පරාවෙන් පැමිණි පමණින් , පුරාණ පොත්වල තිබූ පමණින් , තර්කානුකූල වූ පමණින් පිළිනොගන්නා ලෙසත්,තමන් සිතා බලා තම තමන් විමසා බලා තීරණ ගත යුතු බවත්, බුදුදහම උගන්වයි. කුසල , අකුසල තේරුම් බේරුම් කරගැනීමට සිතාබැලීමට තීරණ ගැනීමට හැකිවීම බුදු දහමේ විශිෂ්ට ලක්ෂණයක් වේ.

ගතානුගතික චින්තනයට එරෙහිව, නිදහස් තරුණ චින්තනයට විචාරපූර්වක තරුණ සිතුම් පැතුම්වලට, තරුණ චර්යාවන්ට ඉතා කිට්ටු සමීප ප්‍රතිපත්තියක් බුදු දහමේ අන්තර්ගත වීම ද විශේෂ ලක්ෂණයක් වේ. ඉපදීම, ලෙඩවීම, මරණය යන ප්‍රායෝගික කාරණා පිළිබඳව ද සංසාරයේ දුක් සහිතය යන කාරණා දෙස බලමින් සසර දුකමය.

හේතු ඵලදහමට අනුව හැම ගැටලුව ඉතාම හොඳට හේතුඵලවාදීව, විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමේ නැඹුරුවක් බුදු දහමේ අන්තර්ගත වේ.

ඒ නිසා තරුණයාට බෙහෙවින් ගැලපෙන්නාවූ දර්ශනයක් , හොඳ මග පෙන්වීමක් , මෙලොව වශයෙන් සැප විඳිමින් එකිනෙකාට ඇල්ම දක්වමින් කරුණාව, මෛත්‍රිය, දක්වමින් උපේක්ෂාවෙන් ජීවත්වන ආකාරය බුදු දහමේ පහදා දෙයි. අනෙකාට උදවු උපකාර කරමින් දානයෙන්, ප්‍රියවචනයෙන් කතාබස් කරමින් ප්‍රියමනාප සන්නිවේදනයෙන් අර්ථචර්යාවෙන් අනුන්ගේ දියුණුවට උපකාර කරමින් සමානාත්මතාවෙන් චින්තනය ගොඩනඟාගෙන දානයෙන් , ප්‍රියවචනයෙන් හැසිරීම සකස්කරගෙන ජීවත්වන ආකාරය බුදුදහමෙහි අන්තර්ගත වේ.තරුණ සමාජයේ ප්‍රගතියට හේතුවන චින්තනයක් සහ පිළිවෙතක් බුදු දහම උගන්වා ඇත.

යල්පැනගිය චින්තනය, විශ්වාස ඇදහිලි ඉවත දමමින් තරුණ ශාස්තෘවරයෙකු වශයෙන් තරුණ චින්තනයක් ලෝකයට වදාළ සේක. බුද්ධිමත් තරුණ සමාජයක් සහිත තරුණ සංවිධානයක නායකත්වය දරන ලද්දේ බුදුරජාණන් වහන්සේ ය.

වර්තමාන ලෝකයේ දැන උගත් තරුණ සමාජයට ඉතා උචිත ධර්මයක් ලෙස බුද්ධ ධර්මය හඳුන්වා දිය හැකි ය. අපේ ්රටේ තරුණයන් ආගම තුළින් දුරස්වී ඇති බවට මතයක් පැවතුණ ද, එවැනි තත්ත්වයක් මතුපිටින් ඇතිකරගත් මතයක් මිස ප්‍රායෝගික නොවන තත්ත්වයකි. තරුණයන් පිරිහී ඇති බවට ඇතැම් විට චෝදනා කළ ද, ඇතැම් වැඩිහිටියන් අතර ද දුසිරිත් බහුලව පවතී. ඇතැම් තරුණයන් සම්පූර්ණයෙන්ම දුසිරිතෙන් ඉවත් වී ඇත. වර්තමානයේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධයත් සමඟ විශාල තරුණ පිරිසක් ආගමට සමීප වී ඇති බව දක්නට ලැබෙන විශේෂිත ලක්ෂණයකි.

එම නිසා අප අන්තගාමී නොවිය යුතු ය.තරුණයන් ආගම දහමෙන් ඈත් වී ඇති බවට පවතින මතය ට 100% ක්ම එකඟ විය නොහැකි ය.බුදු දහම හා තරුණ චින්තනය අතර විශාල සමානත්වයක් පවතී.

බුද්ධ චරිතයේ විශේෂ ලක්ෂණ, ශ්‍රාවක සමාජය, හේතුඵල ධර්මය, අවංකභාවය, සෘජුබව තරුණයන් අතර සිත්ගත් ප්‍රකට කාරණා විය. රටේ ජීවනාලිය තරුණ පිරිස බව උගත් තරුණයන් අවබෝධ කරගත යුතු කාරණාවකි.

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]