UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

දුවේ පුතේ,

ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නිර්මාණ එවිය හැකි ය.


සිරිත් මල්දම

මල්මාල ගොතන්නේ ගෙල සැරසීමට ය. එහෙත් එම මල් මාලයෙන් ගෙල සැරසෙන්නේ ටික කලකට පමණි. ගෙල සරසන මල් මාලය එසේ ඉක්මණින් පරවී ගියත්, පර නො වන මල් දමක් ගෙළෙහි පළඳින්නට ඇත්නම්, කෙ තරම් අගනේ ද? සිරිත් මල්දම එවැන්නකි. ඇම්.ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් මැතිතුමා විසින් ලියන ලද කාව්‍ය ග්‍රන්ථයකි සිරිත් මල්දම.

සිරිත් මල්දම අප කරන කියන සෑම දෙයක් ම කළ යුතු පිළිවෙල දක්වයි. අප කවර කටයුත්තක් කළත් කවර අවස්ථාවක කළත් එය කළ යුතු පිළිවෙළක් ඇත. උදෑසන අවදිවීම, පාසල් යාම හා පොතපත කියවීම, සෙල්ලම් කිරීම, නිවසේ වැඩ කටයුතුවලට සහාය වීම, නින්දට යාම ආදි කටයුතුවල කළ යුතු දේ අපට කියා දෙති.සිරිත් මල්දම කුඩා අපට අගනා මල් මාලයකි.


දළදා මාලිගාව

කන්ද උඩරට පිහිටි දළදා මාළිගාව බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස හඳුන්වනු ලැබේ. දිනපතා විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණෙති. දළදා සමිඳුන්ගේ තේවා මුරය වසරින් වසර අස්ගිරි – මල්වතු මහා විහාර මඟින් සිදුකරනු ලැබේ. දළදා මාළිගාවේ ගිහි භාරකාරත්වය උසුලනුු ලබන්නේ දියවඩන නිලමේතුමා විසිනි. නාථ විෂ්ණු, කතරගම , පත්තිනි යන සිව් දේවාල එකතු කරගෙන සෑම වසරක ම මහනුවර දළදා පෙරහර උත්සවශ්‍රීයෙන් සාර්ථකව පවත්වනු ලැබේ. දළදා වහන්සේ වැඩසිටින දළදා මාළිගාව අප රටට ආශිර්වාදයකි.


පහත සඳහන් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුරු කෙටියෙන් පැහැදිලිව ලියා බුදුසරණ වෙත යොමු කරන්න. නිවැරැදිව එවන පිළිතුරු තෝරා ජයග්‍රාහක දරුවන්ට වටිනා ත්‍යාග පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය ද නිවැරදිව ලියා එවන්න.

01). තෙරුවන් සරණ ගිය පළමු උපාසක සහ උපාසිකාවෝ කවුද?

02). බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අත්හළ යුතු යැයි වදාළ අන්ත දෙක නම් කරන්න?

03). බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පිළිබඳව කෙටි සටහනක් කරන්න.


වඳිමි සිරිපා

සීතල උඳුවප් පොහොය දිනේ දී
සමන් දෙවිඳුන්ට පුද පූජා දී
බෞද්ධ අප තුළ සැදැහැ සිත් ඉපදී
සිරිපා කරුණා කරන්නේ දිරි දී

සීත ගඟුල ළඟ නා පිරිසුදු වේ
ඉදිකටුපාන හැරමිටිපාන පසු වේ
ඉන්පසු මහගිරි දඹ තරණය වේ
සිරිපා මළුවට බැතින් ළඟා වේ

උතුම් මුනි සිරිපා වන්දනා කොට
මළුවෙ ඝන්ඨා නාද ඇති කොට
බැතින් යුතුව සිරිපා කරුණා කොට
බසියි නඩයෙ සැම කරුණා නිම කොට


පවින් වැළකෙමු

මෙලොව උපන් සෑම අයෙක් ම පවින් වැළැකී යහපත් ජීවිතයක් ගත කිරීමට යම්කිසි ශීලයක් අනුගමනය කළ යුතු ය. ඒ සඳහා අප රකින සීලය පංචශීලය යි. පන්සිල් ආරක්ෂා කරනු ලබන පුද්ගලයා සුවසේ නිදයි. සුවසේ අවදිවෙයි. නපුරු සිහින නො පෙනෙයි. පන්සිල් ආරක්ෂා කරන්නා සමාජයේ ගැටුම්වලට නො යයි. පළමු සිල්පදය රැකීමෙන් මිනිසාට පමණක් නොව තිරිසන් සතාට පවා ජීවත්වීමේ අයිතිය ලැබෙයි. දිනපතා ම පන්සිල් සමාදන් වන සමාජය ඉතාම සාමකාමී ය. බෞද්ධ ග්‍රන්ථ කියවා බැලීමේ දී රජ්ජුමාලා, සුනීත, සෝපාක වැනි අය කොපමණ අසරණ වුවත් ඔවුන්ට පන්සිල් රැකීම නිසා ඉමහත් වාසනාව උදාවූ බව පැහැදිලි වේ. එසේම අන් සතු දෙය ගැනීමට සිතීම පාප සිතිවිල්ලකි. තමන්ට ලැබී තිබෙන දෙයින් සතුටුවීම හොඳ ක්‍රියාවකි.


ධම්ම පදයෙන් බිඳක්

ධම්ම පදය බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකේ. මෙහි ගාථා රත්නයන් හාරසිය විසි තුනකි. වග්ග විසිහයකින් සමන්විත වෙයි. ධම්මපදය සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් අතර, එම ගාථාවන්හි නිධාන කතාව ඇතුළත් ධම්මපද අට්ඨකතා ලෙසින් පොත් පෙළක් ද වෙයි.

බෞද්ධ පොත්පත් අතරින් ධම්මපදය ජනතාව අතර ගෞරවයට පාත්‍රවූ කෘතියකි. බෞද්ධ ජනතාව වැඩිපුර ම පරිශීලනය කරන බෞද්ධ ග්‍රන්ථය ද මෙයයි. පේලි හතරකින් ගාථා රත්නයන් ලිය වී ඇති නිසා ජනතාවට කියවීමට, මතක තබා ගැනීමට පහසුවක් වී ඇත.

බෞද්ධයාට යහමඟ යෑමටත් , ධර්ම මාර්ගයට පිවිසීමටත් ධම්මපදය බොහෝ සේ උපකාරි වෙයි. පහත ගාථා රත්නය එයට උදාහරණයකි.

බහුම් පි චේ සහිතං භාසමානෝ
න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
හෝපෝ’ ව ගාවෝ ගණයං පරේසං
න භාගවා සාමඤ්ඤස්ස හෝති

ප්‍රමාදි පුද්ගලයා අනෙක් උදවියට කො තරම් ධර්ම දේශනා කළත් , තමන් ඒ ධර්මය අනුගමනය කරන්නේ නැතිනම් ඔහු අනුන්ගේ ගව පට්ටිය පෝෂණය කරන ගොපල්ලෙක් වැනිය. තමන්ගේ ශ්‍රමණ ජීවිතයෙන් මාර්ගඵල අවබෝධයට හිමිකරුවෙක් නොවේ.

(ජේතවනාරාමයේ දී යහලු තෙරුන් වහන්සේ දෙනමක් උදෙසා වදාළ ගාථාවකි)


සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

207. වේහැල්ල - ශ්‍රී ධම්මදින්න දහම් පාසලේ
8 ශ්‍රේණියේ,
ඩී.පී. සයනි මිහිසඳලි

208. කලුතර – විද්‍යාලය ජාතික පාසලේ,
4 ශ්‍රේණිය
ඩබ්.පී. කවීෂ විකුම්

209. ඉඹුල්ගස්දෙණිය – ජාත්‍යන්තර පාසලේ
9 ශ්‍රේණියේ
ඩබ්.ඒ. පසිඳු අංජන වීරක්කොඩි

210. මාලඹේ - ශ්‍රී යසෝදරා විද්‍යාලයේ
12 ශ්‍රේණියේ
ඒ.ඒ. සචිනි හංසිකා පෙරේරා

211. මහවැව - ශ්‍රී සමගි දහම් පාසලේ
9 ශ්‍රේණියේ
එස්.එච්. හිරුණි විමංසා

212. අලව්ව - ශ්‍රී සෝනුත්තර මූලික පිරිවෙන
වැව්මැදගම අරියරතන හිමි.


213. පානදුර - ශ්‍රී පේමානන්ද දහම් පාසල
7 ශ්‍රේණියේ
ඒ. කවිශ්කා හංසමාලි

214. කඩවත - ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලයේ
7 ශ්‍රේණියේ
චනිතු මනුජිත්

215. කුරුවිට - ශ්‍රී මහින්දාරාම ශ්‍රී මිහිඳු දහම් පාසලේ
6 ශ්‍රේණියේ
ඩී.ජී. කෝසල රන්දෙනිය


 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]