UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කල්පිටිය දළුව ශ්‍රී සුමනාරාම විහාරස්ථානයට අඩුවක්ව පැවැති චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකර නොබෝ දා කොත් වහන්සේ පැළඳවීමේ පින්කම පැවැත්විණි. කොත්වහන්සේ නිරාවරණය කිරීමේ පින්කමට සම්භාවනීය මහ සඟරුවන සහ මැති ඇමැතිවරු ද, වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් පී.ආර්.බී. දිසානායක මහතා ඇතුළු නාවික හා පොලිස් නිලධාරීහු ද, මිනුවන්ගොඩ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අනුබද්ධිත ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ සාමාජික පිරිසක් ද, දායක සභාවේ හා කල්පිටිය ප්‍රදේශයේ විශාල පිරිසක් ද සහභාගි වූහ. මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්විණි.

අම්පාර සිව් මුණි සෑ වෙහෙර විහාරස්ථානයේ දී ඉකුත් දා මෑණිවරු තිදෙනෙකු ප්‍රවෘජ්‍යා භූමියට පත්විය. අනුරාධපුර සිරි සංඝබෝධි භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති රිදියගම ඤාණතිලක නා හිමි, අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන්හි විහාරාධිපති, නැගෙනහිර පළාත් පිරිවෙන් සම්බන්ධීකරණ නිලධාරී, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන නා හිමි, සිව් මුණි සෑ වෙහෙර විහාරාධිපති ඇත්පිටියේ චන්දානන්ද නා හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන්, හොරේවෙල, වත්තෙහේන්ගොඩ, වලස්මුල්ල, පදිංචිව සිටි රාජපුරගේ පොඩිහාමි උපාසිකා මාතාව. ඇත්පිටියේ මෙත්තාපාලි මෙහෙණිය ලෙසත්, යූ.එච්. 15, මහා විද්‍යාල පාර, අම්පාර ලිපිනයේ පදිංචිව සිටි මනමේන්ද්‍ර පටබැඳිගේ ලොකුහාමිනේ උපාසිකා මාතාව, අම්පාරේ කරුණාපාලි මෙහෙණිය ලෙසත්, බී /60, බුද්ධංගල අම්පාර ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එම්.එන්.ජී. චන්ද්‍රා කුමාරිහාමි උපාසිකා මාතාව. අම්පාරේ මුදිතාපාලි මෙහෙණිය ලෙසත්, පැවිදි දිවියට පත්ව ඇත.

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]