UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නිවන් මඟෙහි පළමු පියවර...

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු ධර්මය පුහුදුන් සත්වය ට අවබෝධ කර ගැනීම අපහසු කාර්යයකි. අ.නි. අනුරුද්ධ සූත්‍රයෙහි සඳහන් පරිදි බුදු දහමෙන් ප්‍රයෝජනය ලැබිය හැක්කේ නුවණ ඇති අයට ය. මේ ධර්මය නුවණ නැති අයට නොව නුවණ ඇති අයටය. යන පාඨයෙන් ඒ බව තහවුරු වේ. දහම අවබෝධ කර ගැනීමට අපහසු බැවින් එය දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ පසුභට වූ අවස්ථාවක සහම්පති බ්‍රහ්මයා ආරාධනා කරන්නේ මෙම ධර්මය අවබෝධ කර ගැනීමට සුදුසු නුවණැත්තවුන් මෙම ලෝකය තුළ ඇති බැවින් දේශනා කරන ලෙසට ය. බුදු දහම ගැඹුරු වුව ද, සියල්ලෝ ම නුවණින් මුහුකුරා නො ගිය වුව ද, එම උතුම් බුදු දහම ක්‍රමක්‍රමයෙන් අවබෝධ කර ගැනීමට ද අවස්ථාවක් ඇති බව බුදුදහම තුළින්ම අනාවරණය වේ. බුදුදහම ප්‍රඥා වත්තයින්ට වුව ද, ශ්‍රද්ධාව බුදු දහම වැළඳ ගැනීමේ මූලික පියවර වනු ඇත. ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන නුවණ මද අයට වුව ද ප්‍රඥාවෙන් අවසන් කිරීමට එය ශක්තියක් වන්නේ ය. එබැවින් ශ්‍රද්ධාව බෞද්ධයින් තුළ තිබිය යුතු විශේෂ ලක්ෂණය වනු ඇත. ශ්‍රද්ධාව නොමැතිව ලෞකික නිවීමත්, ලෝකෝත්තර නිවීමත් ඇති කර ගැනීමට අපහසු ය. ශ්‍රද්ධාව යනු පිළිගැනීම, විශ්වාසය, ඇදහීම ආදී වශයෙන් අර්ථ කථනය කළ හැකි ය. විවිධ නම්වලින් යෙදුවත් සියලු ආගම්තුළ ශ්‍රද්ධාවක් ඇතිව කටයුතු කරන බව තහවුරු වේ. බුදුදහම ආගමකට වඩා දර්ශනයක්. නොහොත් ජීවන මාර්ගයක් ලෙස සිතීමට පුළුවන. ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත ය. එනම්, අමූලිකා ශ්‍රද්ධාව හා ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙනි.

ඉතිරිය»

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]