UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිරින්දේ පදිංචි එච්.ජි. ප්‍රබෝධ ධනංජය උදයංග සහ ලුනුගම්වෙහෙර පදිංචි පි.එම්. මමාස් දිස්නක යන කුලදරුවන් දෙදෙනා පසුගිය දින මාතර වෙලේගොඩ දී. බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පින්කමේ දී පැවිද්ද ලැබීය. එම කුල දරුවන් දෙදෙනා කිරින්දේ විපුලඤාණ හිමි, ලුනුගම්වෙහෙර සීලසුමන හිමි යන ශාසනික නාමයෙන් සසුන් ගත විය. එම කුල දරුවන් දෙදෙනා ආනන්ද නා හිමිපාණන් වෙතින් පැවිද්ද ලබන අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූප මාතර සමූහ ඩබ්ලිව්.පි. ධර්මසේන.

 

 

ජනක වෙත්තසිංහ ලියූ නිවී සැනසිණි රේරුකානේ මහා නාහිමි ග්‍රන්ථය දොරට වැඩුම 25 දා

බුදුසරණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයකු වශයෙන් සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී ජනක වෙත්තසිංහ විසින් ‘සසුනඹරේ සුපුන් සඳක්’ විශේෂාංගය යටතේ බුදුසරණ පුවත්පතට ලියූ ලිපිපෙළ ඇසුරෙන් සම්පාදිත ‘නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි’ කෘතිය මේ මස 25 වන දා සවස 3.30 ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී එළි දැක්වෙයි. කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමිපාණන් වහන්සේ මුලසුන හොබවන උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් පවත්වනු ලබයි. කොටපොල අමරකිත්ති, මහාචාර්ය අගලකඩ සිරිසුමන , මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, වහුමුවේ විජයවංශ, හෑගොඩ විපස්සී නාහිමිපාණන් වහන්සේලාගේ දෙසුම් ද පවත්වනු ලබන උත්සවයේ දී නිවී සැනසිණි රේරුකානේ මහා නාහිමි කෘතිය පුදනු ලබන්නේ පොකුණුවිට විනයාලංකාරාරාමාධිපති, කිරිඔරුවේ ධම්මානන්ද නා හිමියන් වෙත ය.

ඉතිරිය»

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]