UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවැරැදිවීමට ආශිර්වාද කරන්න

නිවැරැදිවීමට ආශිර්වාද කරන්න

විශ්වසනීයත්වය තමන් තුළ ඇතිකරගන්නා සේ ම අනෙකා තුළ ද , ඇතිකර ගත යුතු ය. අප විශ්වාස කරන ලෙස සෙසු පුද්ගලයන්ට ප්‍රකාශ කළ හැකි වුව ද, එම පුද්ගලයා අප සැක කිරීමට පෙළඹෙනු ලබන්නේ අපත් සමඟ ජීවත්වෙද් දී ලබාගත් අද්දැකීම් සමග ය. අපත් සමඟ ජීවත්වීෙමි දී ලබාගත් අද්දැකීම්වල කටුක බව වැඩි නම්, අමිහිරි බව අධික නම්, තමා එය නැවත නොකරන බවට අධිෂ්ඨාන කළ ද , අනෙක් පාර්ශ්වය මම නොදන්න කෙනා යනුවෙන් සිතයි. විශ්වාසය පහසුවෙන් ඇතිකර ගත හැකි දෙයක් නොවන බව අවබෝධ කරගත යුතු කරුණක්. එය භාවිතාවෙන් පෙන්විය යුතු ය.

ඔබගේ භාවිතාවම ඔබ සැකකාරයෙකු කරනු ඇත. භාවිතාව ඇතුළත විශ්වාසය ගොඩනඟා ගැනීමේ හැකියාව පවතී. ඔබත් මමත් පරීක්ෂාකිරීමේ අයිතිය සියලු දෙනා සතුව පවතී. ඒ වගේම අපගේ නිවැරැදි භාවය හෙළිදරව් කරගැනීමේ අවස්ථාවත්, ඕනෑම පුද්ගලයෙකු පිළිබඳව විමසිලිමත්ව සිටීමේ අවස්ථාවත් පවතී. මම පිළිබඳ සැක කිීරීමට හේතු තිබිය හැකි ය. මම පිළිබඳ සැක සංකා ඇතිවීමේ වරදක් නැත. අපට බොහෝ දුරින් සිටින පිරිස් පිළිබඳ විශ්වාසයට වඩා සැක පවතී. හඳ අපට දුර නිසාම හඳ පිළිබඳ අප ප්‍රකාශ කරනු ලබන්නේ පූර්ණ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් නොවේ. අඛණ්ඩව තමා විශ්වාස කළ යුතු බවට පුද්ගලයෙකුට අපට බලපෑම් කළ නොහැකි ය. එහෙත් යමෙකු තුළ අඛණ්ඩ විශ්වාසයක් ඇතිවන ආකාරයට ජීවත්වීමට , හැසිරීමට හැකියාව ඇත. එය ලෞකික සම්බන්ධකම් පැවැත්විමේ දී අප කාටත් කළ හැකි ය .

කළ නොහැකි දේ ප්‍රකාශ කළ ද, ප්‍රශ්නයක් නැත. ප්‍රකාශ කළ නොහැකි දේ කිරීමට යාමෙන් වැළකිය යුතු ය. ප්‍රකාශ කළ නොහැකි දේ කළ සෑම අවස්ථාවකදී ම අප අනතුරේ වැටේ. ඔබට හෙළිදරව් කළ හැකි දේ ඔබ කර තිබෙනවා නම්, ඔබගෙන් ප්‍රශ්න කරන්නට කැඳවන්නේ කවුද ? යන්න වැදගත් කර ගත යුතු නැත. හැකි තරම් තමාට ප්‍රකාශ කළ හැකි දේ පමණක් කිරීමට උත්සාහ කළ යුතු ය. එය දුෂ්කර ක්‍රියාවක් වුවද, උත්සාහ කළ යුතු ය. කවුරුන් හෝ විමසා සිටිය හොත් ප්‍රකාශ කළ හැකි දේ පමණක් කීමෙන් පුදුම සැනසීමක් ගොඩනැගෙනු ඇත. එවිට තමා විශ්වාස කරන ලෙස අනෙකාට බැගෑපත් වීමට අවශ්‍ය නොවේ. තමන් සිදුකර ඇත්තේ තමාට හෙළිදිරව් කළ හැකි දේ නම්, මෙය කළා ද? යනුවෙන් කවුරුන් හෝ විමසා සිටිය හොත් ඔව් මම කළා යනුවෙන් පිළිතුරු ලබාදීමට හැකි දේ පමණක් කළ යුතු ය. ඔයා මේක කිව්වා ද? කියමින් ප්‍රශ්න කළ විට ඔව් මම කිව්වා යනුවෙන් පිළිතුරු ලබාදීමට හැකි දේ පමණක් ප්‍රකාශ කිරීමට හැකි දේ පමණක් අනෙකා සමඟ කතා කළ යුතු ය. ඔයා මෙතනට ගියා ද? යනුවෙන් ප්‍රශ්න කළ විට ඔව් මම එම ස්ථානයට ගිය බවට පිළිතුරු ලබාදීමට හැකි ස්ථානයකට පමණක් පිය මං කළ යුතු ය.විශ්වාසය එවනි ආකාරයෙන් ගොඩනගා ගත යුතු වේ. එවැනි ආකාරයෙන් ඔබ යහපත්ව නිවැරැදිව අවංකව නිවැරැදිතාවයෙන් ජීවත්වෙද්්දී කවුරුන් හෝ පුද්ගලයෙකු ඔබ සැක කරමින් කටයුතු කරනවා නම්, ඔහු හෝ ඇය මානසික වෛද්‍යවරයෙකු හමුවීම අවශ්‍යම වේ. ඇතැමුන් එවැනි රෝගී චර්යාවන්ගෙන් යුක්ත වෙයි. එවැනි පුද්ගලයෙකු සමග ජීවත්වීමේ දී සෙසු තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සැනසිල්ලක් නැතිව යයි. කවුරුන් හෝ පුද්ගලයෙකු තමන් අඛණ්ඩව රවටනවා නම්, එය ඔහුගේ ප්‍රශ්නයක් මිස ඔබගේ ප්‍රශ්නයක් නොවන බව අවබෝධ කරගත යුතුයි. එවැනි චරිත අතහැර දමා ජීවත් වීම සුදුසුම ක්‍රියාව වේ. එසේ නොවුණ හොත් සැමදා දුක් විඳිමින් ඔහු හෝ ඇය සමඟ ජීවත්වීමට සිදු වේවි.

සැකය නිසා කෙතරම් වේදනා විඳින පිරිසක් සිටිනවාද ? අංගුලිමාල ස්වාමින් වහන්සේ නමක් ලෙස නිවැරැදි වූවා නම්, ඕනෑම පුද්ගලයෙකු මුලින් වැරැදි කළ හැකියි. පසුව ඔහු නිවැරැදි වීමට නොපමා විය හැකියි. එක දවසක් දකින්නට නොලැබුණ අංගුලිමාල නිවැරැදි වූ බවට පිළිගත්තද , ජීවිතයේ වැඩි කාලයක් තමන් සමඟ එකට ජීවත් වුණ පුද්ගලයෙකුගේ වරදක් නිවැරැදි කරගත් විට පිළිගැනීමට අකැමැති ස්වභාවයක් පවතී. එසේ නිවැරැදි වූ පුද්ගලයන් වළාකුළුවලින් නිදහස් වුණ සඳ මඬල මෙන් ඔහු මේ ලෝකය බබළවන බව බුදුපියාණන් වහන්සේ වදාළ සේක. වළාකුළු නමැති වැරැදි ඉවත් කර ගනිමින් පුරපස සඳමෙන් බබළයි. ඔබට නිවැරැදි වීමට ඔබගේ ජීවිතයට ඉඩ දෙන්න. අනෙකාටත් නිවැරැදි විය හැකියි. ඔහුට අවස්ථාව ලබාදිය යුතු ය. එයට ආශිර්වාද කළ යුතු වේ.

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]