UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

නිර්මාණ තරගය

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, ළමා සමාජයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ ඔබ වෙනුවෙන් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්වීමට තීරණය කළෙමු. පළමු ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වා “රාහුල පොඩි හාමුදුරුවෝ”, පහ ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා “පන්සිල් රැකීමේ අනුසස්”, නවවන ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා බුදු දහමයි – පරිසරයයි යන මාතෘකා යටතේ තරගය පැවැත්වෙයි. රචනා එවීමේ දී වචන 150 කට සීමා කරමින් නිර්මාණාත්මක නිර්මාණ අප වෙත එවන්න. හොඳම නිර්මාණ තුන උදෙසා තෑගි පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් පළකළ අංකය යි. නිර්මාණ අමාවක, අව අටවක, පසළොස්වක, පුර අටවක බුදුසරණ කලාපයන්හි පළ කරන්නෙමු. සංස්කාරිකා, “සදහම් අරණ”, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට නිර්මාණ එවිය හැකිය.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

175. රණාල - ශ්‍රී සුගත විනය දහම් පාසලේ
6 ශ්‍රේණියේ,
එම්.විශ්ව ප්‍රසාද් අනුරාධ

177. මහවැව – ශ්‍රී සමගි දහම් පාසලේ
6 ශ්‍රේණියේ,
ඊ.විහඟ සනන්ජය

178. මහවැව – ශ්‍රී සමගි දහම් පාසලේ
8 ශ්‍රේණියේ
ඩබ්.තරුෂි එස්.නෙත්මිණි

179. මහවැව – ශ්‍රී සමගි දහම් පාසලේ
6 ශ්‍රේණියේ
ඩබ්.ඔමේස් කවිත්මා

180. මහවැව – ශ්‍රී සමගි දහම් පාසලේ
7 ශ්‍රේණියේ
එම්.තරුෂිකා සත්සරණි පෙරේරා

181. කැලණිය – පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ
05 ශ්‍රේණිය ( පූර්ව ප්‍රවේශය)
කිරිඉබ්බන්ආරේ අමිලධම්ම හිමි

182. බුත්පිටිය – කනිටු විදුහලේ
02 ශ්‍රේණියේ,
ආකාශ් විෂ්මිත මුනිරත්න

183. මොරටුව – වේල්ස් කුමාර විදුහලේ
3 ශ්‍රේණියේ,
එච්.එල්.අභීත ප්‍රභාෂ්වර සිල්වා

184. මොරතොටයාවත්ත – ශී‍්‍ර පේමානන්ද දහම් පාසලේ
7 ශ්‍රේණියේ,
කේ.ඒජධ ජිනේත් සුගත්සිරි


මුත්තා මෙහෙණිය

කෝසල ජනපදයේ පිටිසර ගම් දනව් දහස් ගණනකි. එම ගම්දනව්වල ඇතැම් බොහෝ දෙනෙක් ඉතා දුප්පත් ය. ඇතැම් බ්‍රාහ්මණ වංශිකයෝ ද දුප්පත් පුද්ගලයෝ වූහ. අගහිඟකම් වලින් පිරුණු බමුණු නිවෙස් බොහෝ විය. එක් ගම්මානයක අඟහිඟකම්වලින් පිරුණු බමුණු නිවසක ස්වාමි බැමිණිය කුලුදුල් දියණියක් බිහි කළා ය. දුප්පත් වුව ද පෙර පින් වාසනා මහිමයෙන් ඇය රූමත්ව උපන්නා ය. ඇගේ දෙමව්පියන් ඇයට ‘මුත්තා’ යැයි නම් තැබී ය. මුත්තා අගහිඟකම් මැද වුව ද රූමත්ව වැඩිණි.

සොළොස් වියට පැමිණෙත් ම මව්පියෝ එම ගමේ ම දුප්පත් බමුණු තරුණයෙකුට මුත්තා විවාහ කර දුන්නා ය. ඇය ජීවත්වීම සඳහා උදේ පටන් රෑ වන තුරු වී කොටා විකුණුවා ය. දැඩි වෙහෙස නිසා දිනෙන් දින දිරාපත් වු ඈ වී කෙටීම නිසාම කුදු වී ගියා ය. අත පය වාරු නැති විය. රෑ නින්දට ගිය ද සුවසේ නිදා ගැනීමට නොහැකි විය. කරදර නිසාම ඇය තම ජීවිතය කෙරෙහි කලකිරි ජීවිතය අහිමි කර ගැනීමට තීරණය කළා ය. නමුත් ඒ තීරණය නැවත වෙනස් කරගත් මුත්තා මහමග බැස අරමුණක් නොමැතිව ඇවිදින්නට විය.

ඇය මහමඟ ඇවිද යමින් සිටිය දී මහ රහත් මෙහෙණියක් මුණ ගැසුණි. ඇගෙන් දහම් අසා සිත පැහැදී ජීවිතයේ අසාරවත් බව තේරුම් ගෙන භික්ෂුණි ආරාමයට ගොස් පැවිදි වූවා ය. බණ දම් ඉගෙන ගත්ත ද, බණ භාවනා කළ ද චිත්ත පීඩා අඩු නො වීය. එනිසා මුත්තා මෙහෙණියගේ සිත සන්සුන් වූයේ නැත. ගිහි ජීවිතයේ දී අත්විඳින්නට සිදුවූ සියලු දුක් කම්කටොලු නිතර නිතර සිහියට ආවා ය. එනිසා ඇය ගුරු මහ රහතන් තෙරණියගෙන් උපදෙස් පතා ඒ උපදෙස් පිළිපැද භාවනාවේ යෙදී සියලු කෙලෙසුන් නසා උතුම් වූ රහත්භාවයට පත් විය. සසර දුක් විඳිමින් දීර්ඝ කාලයක් සසරේ ගමන් කරන අසරණ ජනතාවට දහම් දෙසා සසරින් එතෙර කරවීමට මුත්තා රහත් මෙහෙණින් වහන්සේ දැඩි වෙහෙසක් ගත්හ.


සුභාෂිතය

උපදේශ කාව්‍ය අතර සුභාෂිතයට හිමිවන්නේ විශේෂිත ස්ථානයකි. අලගියවන්න මුකවෙටිතුමා විසින් රචිත මෙය ලියවුනේ සීතාවක යුගයේ දී ය.

පුද්ගලයාගේ සුදන ගුණ වගාවට පැරණි සාහිත්‍යයකරුවා ගත් ප්‍රයත්නය සාර්ථක බව සිතේ. දෙමළ උපදේශන ග්‍රන්ථ හා පාලි ධම්ම පදය ද සුභාෂිතය නම් කාව්‍ය රත්නය අප සතු කිරීමට මූලාශ්‍ර කරගෙන ඇත. මෙවැනි සම්භාව්‍ය කෘති රැකගැනීම අනාගත පරපුරට දායාද කිරීමත් අප සැමගේ වගකීමකි.


මහින්දාගමනය

පොසොන් සඳේ සඳ කිරණේ
සඳරැස් වැස්සේ
අනුබුදු හිමි මිහිඳු සමිඳු
ලක්දිව වැඩියේ

මිස්සක පවු කුළු අරණේ
සදහම් වැස්සේ
අනුබුදු හිමි මිහිඳු සමිඳු
ලක්දිව වැඩියේ

මෙත් කරුණා ගුණ කැටි කර
දෙසු දහම් කඳ මනහර
එනමුදු කෙලෙසද හිමියනි
නැවත අසන්නේ

නෙතට අහිමි වූ ඔබ රුව
යළිදු දකින්නට නොහැකිය
සසර නිවන්නට ගුණ කඳ
මතකෙට ගන්නේ


අපේ පන්සල...

අනඳමෙත් සිත සිතිවිලෙන් පින පිරීයයි
සුමංගල හිමි සඳින් පුරවර දිලීයයි
මහාධිකාරම් දායකයෙන් ඉඩකඩ වෙන්වෙයි
සාංඝික ශ්‍රී සුදම් විය ශ්‍රී නමින් වැජඹෙයි

වෙහෙර වහන්සේ කිරි පාටින් දිලිසෙන්නේ
බෝ මළුවත් ඒ අසලම දිස්වන්නේ
මිහිඳු රහත් සඟමිත් පිළි වැජඹෙන්නේ
දම් ශාලාව අභිමානය ගෙන දෙන්නේ

සමාජයේ යහගුණ දම් පෙන්වුමට
වෙරවීරිය දෙනවා හැම සම කොට
සෑම දෙනා හට නිරතුරුවම පිහිට
දොහොත් මුදුන් දී වඳිනෙමු විහාරෙට


රාහුල පොඩි හාමුදුරුවෝ

සිතුමිදි සදෙස්නා පෙරේරා
2 ශ්‍රේණිය
ශ්‍රී රාහුල බාලිකා විදුහල, මාලඹේ


වෙසක් කාඩ්පත

චනිතු මනුජිත්
7 ශ්‍රේණිය ,
ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලය – කඩවත

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]