UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

අපිත් එක්ක සිටි අපේම යාළුවො
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ

පද රචනය – රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය හා ගායනය -
ආචාර්ය වික්ටර් රත්නායක

බුදුරජාණන් වහන්සේ පිළිබඳව අනන්ත වූ අප්‍රමාණ වූ භක්තියක්ද, ගෞරවයක්ද, උන්වහන්සේ පිළිබඳව අවබෝධයක්ද, නිවැරැදි බෞද්ධ ප්‍රතිපදාෙවි ගමන් කරන බෞද්ධයාට තිබේ. ඒ නිසාම ඒ බෞද්ධයා සැම වෙලාවෙම බුද්ධං සරණං ගච්ඡාමි යන සිතිවිල්ලෙන් ද, නමෝ බුද්ධාය යන සිතිවිල්ලෙන් ද ජීවත් වෙයි. මම බුදුන් සරණ යමි.

බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. යන ශ්‍රද්ධා භක්ති හැඟීමෙන් යුතු බෞද්ධයා බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරයන් වහන්සේ ලෙස පිළිගනී. විශ්වාස කරයි. ඒ ආකාරයෙන් ජීවිතය ගත කරන බෞද්ධ ජනතාවගේ සිත්වල ජීවිතයෙන් මතුවන සෑම ගැටලුවකටම, සෑම අරගලයකටම, බුදු දහම තුළ නිවැරැදි උත්තර තිබෙනවාය යන අදහස පවතී. ඒ අදහස සත්‍යයක්. ඒ නිසාම තම ජීවිතයේත්, තම ජීවිත වටපිටාව හා බැඳුණු පවුල් ජීවිතයේත් ,ඒ හා වටපිටාව බැඳුනු ලේ ඥාති පරපුරත්, එයින් පරිබාහිර සමාජයත්, පිළිබඳව සැම පුද්ගලයෙක්ම බුදුරජාණන් වහන්සේගේ සරණයි, පිහිටයි යන අදහසින් ජීවත් වෙයි.

එම ශ්‍රද්ධාව වැඩිකම නිසාම බෝධි පූජාවක් පවත්වන ෙවිලාවට, චෛත්‍ය රාජයාණන් වඳින වෙලාවට, විහාර මාලිගාෙවි වැඳුම් පිඳුම් කරන වෙලාවට, ජීවිතයේ ප්‍රශ්නවලින් මනස අසරණ වෙලා තැවෙන විට අපි බුදුහාමුදුරුවො දකින්නැති, ඇත්තටම ඒ දවස්වල බුදුහාමුදුරුවො දෙව්රම් වෙහෙරේ ධර්මය දේශනා කරන විට අපිත් බණ අහන්න යන්නැති. අපිත් සමඟ ගිය අපේ හිත මිතුරන්, යහළුවන් බුදු බණ අහල බුදු බණ අවබෝධ කරගන්නැති ඒ පිරිස අපිත් සමඟ සංසාරේ ගමන් කරන්නේ නැත්තේ බුදු බණ අහල නිවන් දැකල ඇති. නිවන් දකින්නට ඒ දවස්වල කළ පින් මහිම මදි නිසා තවමත් අපි මේ සංසාරේ උපදිනවා ඇති. යනුවෙන් සිතයි. අනේ බුදුහාමුදුරුවෝ දකින්නට ලැබුණා නම්, කියන සිතිවිල්ල සැම බෞද්ධයෙකුගේම සිතට පැමිණෙයි.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් දරුවෙකුගේ මුවට නංවා ඇති සිතිවිල්ලක කවියක් මේ ආකාරයෙන් අසා ඇති.

බුදුහාමුදුරුවන් ඉස්සර වඩින කොට
මම හිටිය නම් යනවිට කැලයට දරට
වනමල් නෙළා අතුරා සිරි පතුල වට
වැඳ වැටෙනවා නොගොසින් ගෙට වරුවකට

අපි බුදුහාමුදුරුවන් වඳින්න නෙළාගන්නෙ වනමල්. ඒ ගස්වල පිපෙන වනමලින් බුදුරජාණන් වහන්සේ වඳිනවා පුදනවා කියන්නේ එම වන මලින් බුදුන් වඳින පුදන මිනිසා තමන්ගේ සිත ද මලක් වගේ කරගන්නවා කියන එකයි.

මලක් මෙන් තබාගන්නවා යන්නෙන් අදහස් වන්නේ මල් වගේ සුමුදු සිතක්, මල් වගේ මෘදු සිතක්, මල් වගේ නිකළැල් සිතක්, මල්වගේ පිවිතුරු සිතක්, මල්වගේ සුවඳවත් සිතක්, මල්වගේ බාහිර සමාජය හැඩවැඩ කරන සිතිවිලිවලින් යුක්ත සිතක්. එසේ සිතාගෙන වන මලින් බුදු පාමුල මල් පුදයි.

හැම බෞද්ධයෙක්ම එම සිතිවිල්ල තමාගේ මනසට නඟාගන්නේ නැතිව බුදුරජාණන් වහන්සේගේ සිරිපා මලින් සැරසුවාට ඇති ඵලක් නැහැ. එසේ ඵලක් නැති බවට අපේ ඇතැම් කවියන් ප්‍රකාශ කළ අවස්ථාවක් මෙසේ සඳහන් කළ හැකියි.

කුහකකමේ ඔය ගන්දස්කාරෙන්
තෙත බරි වුණ ඔය සාධුකාරයට
බුදුහිමිගෙන් නොලැබේ කරුණාවක්
කෝටි ගණන් මල් අල්ලස් කෙරුවත්

සිරිගුණසිංහයන් ලියන මේ කවියේ අදහස බුදුරජාණන් වහන්සේ උපහාසයට ලක්කිරීමට නොවෙයි. බුදුබණ උපහාරයට ලක් කිරීමයි. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ ලෝකයට ධර්මය දේශනා කිරීමෙන් කුහක ගති සිරිත් නැති, පිවිතුරු මල් වගේ උතුම් මිනිසුන් පිරිසක් පමණයි. කුහක ගතිවලින් පිරුණු මානාධික පුද්ගලයන් කෝටි ගණන් මල්වට්ටි සැරසුවත්, එය බුදුබණේ අරමුණ නොවෙයි. එය මානය වඩවන දෙයක් බවට මේ කවියා ප්‍රකාශ කරයි.

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]