UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 30 දා

කොළඹ තරුණ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් සහ දහම් පාසල් අතර පැවැත්වෙන ගද්‍ය, පද්‍ය, ගායනා, රචනා, චිත්‍ර, කථික සහ ධම්ම, අභිධම්ම , පාලි තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 30 සෙනසුරාදා සවස 2.00 ට තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයා වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

යටපත් කළ යුතු පාපී සිතිවිලි

“තමා විසින් තමාට ම චෝදනා කරගත යුතු ය. විමසිය යුතු ය. ඒ තැනැත්තා සුවසේ වාසය කරයි” “තමාට පිහිට පිළිසරණ තමා ම ය. එහෙයින් තමන් රැකගත යුතුය”.මෙම වටිනා, උපදේශය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නංගුලක නම් තෙරුන් අරමුණු කර ගෙන ය. සැවැත් නුවර එක් අහිංසක මිනිසෙක්. ඉණකඩක් ඇඳ නඟුලක් කර තබාගෙන බැළමෙහෙකම් කර ජීවත් වෙයි. දවසක් මේ අහිංසක මිනිසා කුඹුරක් සීසෑමට කුඹුර දෙසට යන විට පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට මුණ ගැසුණි. කිසියම් ගුණයක් ගැන සලකා මෙම අසරණ මිනිසාට පිහිට වීමට කරුණා ගුණයෙන් යුතුව “පින්වත, දුකසේ ජීවත් වනවාට වඩා මහණදම් පුරා ගැනීම නරක ද?” උන්වහන්සේ ඇසූහ. “අප වැනි දුප්පත් අය මහණ කරන කෙනෙක් ඇද්ද” ඔහුගේ පිළිතුර විය .මහණකම සපුරා ගැනීමට දුප්පත් පොහොසත්කම නොව අවශ්‍ය වන්නේ සැදැහැ ගුණය බව පෙන්වා දෙමින් උන්වහන්සේ ඒ මිනිසාට පැවිදිවීමට මග පාදා දුන්හ. සැවැත් නුවර දෙව්රම් වෙහෙරට කැඳවා ගෙන ගොස් තමන්ගේ අතින් ම හිස රැවුල් ඉවත්කර පැවිදි බවට පත්කළහ. 

ඉතිරිය»

 

අප්‍රමාදයට ප්‍රමාද නොවෙමු

චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස කළ යුත්තේ අප්‍රමාදී වීමයි. චතුරාර්ය සත්‍යාවබෝධය කියන්නේ විද්‍යාව යි. ජීවිතයේ යථාර්ථය පිළිබඳ ව සැබෑ ම අවබෝධය යි. චතුරාර්ය සත්‍ය අවබෝධය නො වීම නම් අවිද්‍යාව යි. අවිද්‍යාව නම් චතුªරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස කුසල් දහම් දියුණු කිරීමට, අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට වන ප්‍රමාදය යි. ප්‍රමාදය තුළ සිටින පුද්ගලයාගේ ස්වභාවය නම් වර්තමානයේ තමන්ට ලැබු දෙයින් මත් වීමයි. අනාගතය ගැන බොළඳ සිහින ගොඩ නගමින් ජීවත් වීමයි. එසේනම් මේ සත්‍ය අවබෝධ කිරීම පිණිස අප්‍රමාදය ඇති කරගන්නට නම් වර්තමානයේ ලද දෙයින් මත් නොවී, අනාගතය ගැන සත්‍ය ස්වභාවය ම නුවණින් විමසිය යුතු වෙයි. අප්‍රමාදය ඇතිවන අයුරින් අනාගතය ගැන නුවණින් විමසිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ “දුතිය අනාගත භය” සූත්‍රයේ දී මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, මේ පස් ආකාර වූ අනාගත භය දකින පුද්ගලයා විසින් අප්‍රමාදී ව, කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, පත් නොවූ මාර්ගඵල ආදියට පත්වීම පිණිසත්, අත් නොදුටු මාර්ගඵල ආදිය අත්දැකීම පිණිසත්, සාක්ෂාත් නො කළ චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කිරීම පිණිසත්, අප්‍රමාදීව කටයුතු කළ යුතු යි.

ඉතිරිය»

නීලගිරි මහා සෑ ශ්‍රී සර්වඥ ධාතු වන්දනා

පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරයේ දී

ලංකාවේ නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල ප්‍රදේශයේ කැණීම්වලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේ කළුතර පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරාධිපති නා හිමියන්ගේ ඉදිරිපත්වීමෙන් පාතකඩ තරුණ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එම ධාතු තම විහාරස්ථානයට වැඩම කරවා ප්‍රදේශවාසීන්ට වැඳුම් පිදුම් සිදු කිරීමට අවස්ථාව ලබාදීම උතුම් පින්කමක් බව කිව යුතුවේ. ලාහුගල නීලගිරි වෙහෙර වහන්සේ ක්‍රි.පූ. 1 වන සියවසට අයත් දුටුගැමුණු, සද්ධාතිස්ස, වලගම්බා රජ සමයන්ට අයත් වූවකි. නීලගිරි ධාතු ප්‍රදර්ශනය හා වන්දනාව උතුම් පුණ්‍ය ක්‍රියාවක් බව බලවත් සතුටින් ප්‍රකාශ කර සිටිමු.

ඉතිරිය»

තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ

 

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය සැප්තැම්බර් මස 27 වනදා බදාදා අපරභාග 07.08 ට ලබයි. 28 වනදා අපරභාග 09.36 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් මස 05 වනදා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]