UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කියවීම දැනුමෙන් මෙන් ම ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගනවා

කියවීම දැනුමෙන් මෙන් ම ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගනවා

කලණ මිතුරු –පොත් සුමිතුරු වැඩසටහනේ සමාරම්භක උළෙලේ දී ජනාධිපතිතුමා කියයි


පොත් කට්ටල බෙදා දුන් අවස්ථාව

කියවීම දැනුමෙන් මෙන් ම ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවා තිබෙන කලණ මිතුරු පොත් සුමිතුරු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඉකුත්දා (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී එක්වෙමිනි.

ජාතික කියවීමේ මාසයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර සමබර පෞරුෂයකින් හෙබි දරුවකු බිහිකිරීම සඳහා දැනුමෙන් පෝෂණය කිරීම මෙන්ම සාහිත්‍ය රසවින්දනයට හුරු කරවීම මෙමගින් අපේක්ෂා කෙරේ.


සහභාගිවූ දරුවන්ගෙන් කොටසක්

මෙහි පළමු අදියරේ දී දිවයින පුරා පිහිටි උසස් පෙළ පන්ති සහිත පාසල් 2820 සඳහා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

එම පාසල් සඳහා සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ලියැවුණු පොත් කට්ටල 2 බැගින් ලබාදීම මේ අනුව සිදු කෙරේ.

දීප ව්‍යාප්ත මට්ටමින් තරගාවලියක් පවත්වා පොත් කියවීම පිළිබඳ දරුවන්ගේ උනන්දුව වර්ධනය කිරීමේ වැඩසටහනක් ද මේ හා සමගාමීව ක්‍රියාත්මක ය.

එම උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වර්තමානයේ දරුවන් අතර මෙන්ම පුරවැසියන් අතරද කියවීමේ රුචිය බොහෝ දුරට හීනවී ඇති බවයි.නවීන තාක්ෂණය සමඟ සමාජය තුළට කා වැදී ඇති ෆේස්බුක් සහ සමාජ වෙබ් අඩවි ඊට ඉවහල් වී තිබෙන බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා නැවතත් පොත පත කියවීමට දරුවන් යොමු කර සාහිත්‍ය රසවින්දනයෙන් මෙන් ම ශික්ෂණයෙන් යුත් සමාජයක් ගොඩ නැගීමට කටයුතු කළ යුතු බවද කියා සිටියේ ය.

සංකේතාත්මකව පාසල් සඳහා පොත් කට්ටල බෙදාදීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් , රාජ්‍ය ඇමැති වී රාධක්‍රිෂ්ණන් යන මහත්වරුන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා ඇතුළු ප්‍රධාන ඇමැතිවරු, පළාත් අධ්‍යාපන ඇමැතිවරු සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු එම අවස්ථාවට එක්ව සිටියහ.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]