UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

විශ්වයටම මෙත් වඩමු

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ චරිතය පුරා මෙත් වැඩීම නම් වූ උතුම් ගුණාංගය ඉස්මතු වේ. උන්වහන්සේ මෙත් වැඩීම සිදුකළ යුතු ආකාරය පැහැදිලි කළේ ‘ මාතා යථා නියං පුත්තං’ යනාදී වශයෙනි. එනම් මවක් යම්සේ, ආයුෂයෙන් ද, ඖරස පුත්‍රය රකී ද, එලෙසින් හැම සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් වඩන්න ය” යනුවෙනි. බුද්ධ චරිතය තුළ, මිනිස් - තිරිසන්, උසස් - පහත්, කුලවත් – කුලීන, පොහොසත් – දුප්පත් ආදී කිසිදු භේදයක් නොමැති ව මෛත්‍රීය පැතිරූ ආකාරය පැහැදිලි වේ. තම පුතු රාහුල කුමරුට ද, සුනීත සෝපාක අසරණ දරුවන්ට ද, බුදු හිමිගේ මෛත්‍රීය එකම අයුරින් ලැබුණි. එය බුද්ධ චරිතයෙහි සුවිශේෂී ලක්ෂණයකි. එය සාමාන්‍ය ජීවිතය තුළ ද වර්ධනය කර ගැනීම ඉතා වැදගත් වේ. පුහුදුන් සත්වයාට බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක් මහරහත් කෙනෙක් තරමට ම මෛත්‍රීය පැතිරීම අසීරු කාර්යයකි. නමුදු යම් තරමකින් හෝ මුළු විශ්වය ම හසුවන අයුරින් මෙත් වැඩීම ජීවිතයට හුරු පුරුදු කර ගත යුතු ය. එතුළින් ලැබෙන ආත්ම තෘප්තිය, අධ්‍යාත්මික සැනසීම වචනවලට හසු කිරීමට බැරි තරම් විශාල ය.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]