UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් කට්ටල බෙදා දුන් අවස්ථාව

 

 

කියවීම දැනුමෙන් මෙන් ම ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගනවා

කලණ මිතුරු –පොත් සුමිතුරු වැඩසටහනේ සමාරම්භක උළෙලේ දී ජනාධිපතිතුමා කියයි

කියවීම දැනුමෙන් මෙන් ම ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවා තිබෙන කලණ මිතුරු පොත් සුමිතුරු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඉකුත්දා (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී එක්වෙමිනි. ජාතික කියවීමේ මාසයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර සමබර පෞරුෂයකින් හෙබි දරුවකු බිහිකිරීම සඳහා දැනුමෙන් පෝෂණය කිරීම මෙන්ම සාහිත්‍ය රසවින්දනයට හුරු කරවීම මෙමගින් අපේක්ෂා කෙරේ. මෙහි පළමු අදියරේ දී දිවයින පුරා පිහිටි උසස් පෙළ පන්ති සහිත පාසල් 2820 සඳහා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]