UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොත් වහන්සේ නිරාවරණය සහ සන්නස් පත්‍ර ප්‍රදානය 2 වන දා

කළගෙඩිහේන, ශ්‍රී ශාලරුක්ඛාරාමයේ අභිනව ධර්මශාලාව සහිත චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූල ගණ්ඨි පාර්ශ්වයේ ශ්‍රී ඤාණතිලක කාරක සංඝ සභාව මඟින් විහාරාධිපති මගලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, ශාස්ත්‍රපති රදාවඩුන්ගේ ශාන්න අමරනන්ද හිමියන් වෙත පිරිනමන ලද ශ්‍රී අමරඤාණවංශාවතංස ශාසනද්ධ්වජ යන ගෞරවනාමය සහිත සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය ජූලි මස 02 වැනි ඉරු දින පස්වරු 2.00 ට විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

 

මිද්දෙණිය ග්‍රාමීය රෝහලට  වෛද්‍ය නිවාසයක් ගොඩ නැගීම සඳහා මුල්ගල තැබේ

මිද්දෙණිය ග්‍රාමීය රෝහලට අඩුපාඩුවක්ව පැවති වෛද්‍ය නිවාසයක් ගොඩ නැගීම සඳහා මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් පසුගියදා මුල්ගල තබනු ලැබීය. එම අවස්ථාවට මහාචාර්ය ඉත්ත දෙමළියේ ඉන්දසර, මහාචාර්ය වාවිවේ ධම්මරක්ඛිත, කිරින්දේ ගුණසිරි, ඉත්ත දෙමළියේ ධම්මසිරි, පුවක්ගහහේනේ වජිරඤාණ, විතාරන්දෙණියේ ඤාණරතන යන හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් සහභාගි වූහ.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

නොපසන් සිතගෙන දෙයි දුක

සිත විවිධ ස්වරූප ගනී. පෘථග්ජනයාගේ සිත කෙබඳු ස්වරූප ගනීදැයි ක්ෂණිකව කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකිය. සිතෙහි ක්‍රියාකාරීත්වය අනුව කරන කියන දෑ පිළිබඳ නිසි අවබෝධයක් උපදවා ගැනීම සැබැවින්ම දුෂ්කරය. හොඳ කරන අයට හොඳ විපාක ද නරක කරන අයට නරක විපාක ද ලැබෙන බව දහමේ පෙන්වා දේ.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්චේති
චක්කංච වහතෝ පදං
ධම්මපදයේ පළමුවැනි (යමක) වර්ගයේ පළමු ගාථාව මෙයයි.

ජීවිතයේ කරන, කියන සෑම කටයුත්තක් සඳහාම මූලික වන්නේ අපගේ සිතයි. යමක් කිරීම පිණිස අදහස මුලින්ම උපදින්නේත් සිතෙහිය. කෙනෙක් අපිරිසුදු මනසින් යුතුව යමක් කියයිද, එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසුපස ලුහුබඳියි. ගැල අදිනා වෘෂභයා පිටුපසින් නොනැවතීම යන ගැලසක මෙනි.

ඉතිරිය»

අවශ්‍ය දේ නොව අත්‍යවශ්‍ය දේ තෝරා ගන්න

සහනශීලී ජීවිතයකට ආර්ථික දියුණුව අත්‍යවශ්‍යය. අඹු දරුවන් පෝෂණය කරන්නට , බේත් හේත් ටික ලබා ගන්නට, දරුවන්ගේ අධ්‍යාපනයට ආදී සෑම දේටම මිල මුදල් නැතිවම බැරිය . ඒ අවශ්‍යතා මනාව සම්පූර්ණ කරගත නොහැකි වූ තැන සිත බලාපොරොත්තු කඩ වූ ස්වභාවයට පත්වේ. අසහනයට, කළ කිරීමට පත් වේ. එවැනි දිවියක සතුට නැත. සැනසීම නැත. ආර්ථිකය කළමනාකරණය කරගත යුතු වන්නේ එහෙයිනි.  සමාජයේ බොහෝ දෙනෙක් පවසන්නේ හම්බ කරන මුදලෙන් එදිනෙදා ආහාර වේලවත් පිරිමසා ගන්නට බැරි බවය. නිසි කළමනාකරණයක් නොමැතිකම ඊට ප්‍රධාන හේතුවය. විය පැහැදම් කළ යුතු අත්‍යවශ්‍ය දේ, අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ තෝරා බේරා ගන්නට නොහැකිකම නිසා බොහෝ දෙනෙක් ආර්ථික පරිහානියට ලක්වෙති. එක්කෝ අනුන් කරන දේ අනුකරණය කරමින් තමන්ට කළ හැකි දේ වෙනුවට නොගැළපෙන දේ කරති. ලෝකයට පෙනෙන්නට ජීවත් වෙන්නට ගොස් සිතින් වද විඳිති. හොඳින් සිතා බලන්න. අප වැඩිපුර වියදම් කර තිබෙන්නේ අත්‍යවශ්‍ය දේට නොව අවශ්‍ය යැයි උපකල්පනය කරන දේටය.

ඉතිරිය»

සම්මා සම්බුද්ධත්වයට පත්වීම. සිතුවම - පුන්සර උදාර

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]