UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

 

පනස්පස්වන වරටත් පැවැත්වෙන මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව

සම අනුග්‍රහය - ලංකා විදුලිබල මණ්ඩලය

 

අපේ රටේ පත්තර මහ ගෙදර ලෙස විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනය හෙවත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙරට ජනතාවගේ නැණ පහන් දැල්වීමට සිදු කරනුයේ සුවිශේෂී මෙහෙවරකි. ඊට අමතරව ආගමික සාමාජික ආදී අගනා මෙහෙවර රැසක්ද සිදු කරනු ලැබේ. අද මෙන් විදුලි බලය ව්‍යාප්තව නොමැති යුගයක මිහින්තලා පුද බිම ඒකාලෝක කරන ලද්දේ විදුලි ජෙනරේටර් උපකාරයෙනි. ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රී මතාණන්ගේ උදාර සංකල්පයක් ඵල දරමින් එතුමන්ගේ දයාබර පුතණුවන් වන එවකට ලේක්හවුස් සභාපතිවරයා වූ රංජිත් විජයවර්ධන මහතා විසින් සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සහායෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ආරම්භ කරන ලදී. අඩසිය වසරකුත් වසර පහක් පුරා ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් මිහින්තලා ආලෝක පූජාවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාවත් ගෞරවයත් වර්ධනයට සිදු කර ඇත්තේ සුවිශේෂී මෙහෙවරකි. මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 07 වනදා සිට 11 වනදා දක්වා මිහින්තලා පුදබිමේදී පස්වරු 6.00 සිට පැවැත්වේ. ඩයලොග්, අබාන්ස්, ලංකා බැංකුව බැතිබර දායකත්වය සපයයි.

ඉතිරිය»

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]