UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ගම්පහ ඉඹුල්ගොඩ 1/4/ජ් අමුණුගොඩ , ඉඹුල්ගොඩ පදිංචි ඩී.ඒ. චම්පිකා විජේසිංහ මහත්මිය ( අවුරුදු 40 දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට ඒ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

ඇයට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙතොත් 0771729268 හෝ 0726271198 දුරකථනවලට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ.

******

තලවාකැලේ, වණිගසේකර පෙදෙසේ අංක 66 දරණ ලිපිනයේ පදිංචි 28 හැවිරිදි රොෂාන් දමිත් ධීරසිංහ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට “ඕ පොසිටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය වසීල් මහතා පවසයි. පරිත්‍යාගශීලයෙකු වේ නම්, දුරකථන අංක 0777 525285 හෝ 071 7123330 ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

******

කොළඹ ලංකා හොස්පිටල්ස් හි විශේෂඥ වෛද්‍ය සුජිත් සෝමයියා මහතා විසින් වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇති රෝගී අයෙකුට තම වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙතොත් පහත සඳහන් දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලා සිටියි. “ඒ පොසිටිව්” ලේ වර්ගයට හිමිකම් කියන වයස අවුරුදු 30 – 35 අතර කාන්තා පක්ෂය වයස අවුරුදු 25 – 55 අතර පුරුෂ පක්ෂය පමණක් විය යුතු බවද කියයි. දුරකථන අංකය 077 498 1684 වේ.

******

හංවැල්ල, කළුඅග්ගල පදිංචි කේ.එල්. චන්ද්‍රකාන්ති මහත්මිය (අවු. 56) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා නිර්දේශ කොට ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අයෙකු වේ නම් දුරකථන අංකය 077 4226421 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

******

මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරවාසී අඹගහවැවේ ගුණානන්ද පොඩි හාමුදුරුවෝ දරුණු අක්මා රෝගයකට ගොදුරුව වාසය කරන බව කියති. උන්වහන්සේට අක්මාවක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර අපේක්ෂා කෙරේ. දුම්මලසූරිය ලංකා බැංකුවේ ‘පිරිවෙන් විහාරස්ථ’ නමින් ඇති 5399615 දරණ ගිණුමට මුදල් යොමු කිරීමෙන් ඒ සඳහා දායක විය හැකි බව කියයි. විමසීම් 071 44 74 645 දේවහන්දියේ සද්ධානන්ද හිමි, ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරය.

******

මතුගම හරහා පන්නිල ආරච්චි ගොඩපාර ඒ.ඒ. තුෂිත පණ්ඩිත ආරච්චි වකුගඩු රෝගයෙන් පෙළෙන අතර “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් පරිත්‍යාග ශීලියෙකු වේ නම් 077 1501582 දුරථකනයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.
වකුගඩු රෝගයෙන් පෙළෙන්නා වූ අයකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි.
දුක.අං. 077 4425432, 0773533467 ඩී.එස්.එස්. ප්‍රනාන්දු කොමර්ෂල් බැංකුව - මීගමුව ශාඛාව, ගිණුම් අංක 8130094092

******

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර, දැනට විශ්‍රාම ගොස් සිටින, ප්‍රවීන ගීත රචකයෙක් මෙන්ම ජනපි‍්‍රය ගායන ශිල්පියෙක් වන විජය සෙනෙවිරත්න මහතා වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බව කියයි. ඒ සඳහා ඉතා ඉක්මනින් ශල්‍ය කර්මයකට භාජනය කළයුතු බවට විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරුණ නන්දසේන මහතා විසින් නිර්දේශ කර ඇති බවද කියයි. විශාල මුදලක් එම සැත්කමට වැයවන අතර ඒ සඳහා ආධාර අපේක්ෂා කරයි. පරිත්‍යාගශීලීන් කළුතර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 100120781657 ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටියි. ඔහුගේ දුරථකන අංක 072 8873836

******

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, අලුත්වැව අංක 662/ බී නිවසේ පදිංචි 62 හැවිරිදි එම්.එම්. රම්බණ්ඩා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට බද්ධ කිරීම සඳහා “බී පොසිටිව්” හෝ ඕ වර්ගයේ වකුගඩුවක් කඩිනමින් අවශ්‍ය කර ඇති බව කියයි. මෙම වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති අයෙක් වේ නම්, 0717631442 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බවද කියයි.

******

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සුවපත් කිරීම සඳහා ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇති බව කියති. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0776706739 දුරකතනයෙන් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ.

******

ඕ පොසිටිව් හෝ නෙගටිට් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලි අය පහත අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. දුරකතන 0729475865, 011562915.


 

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]