UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගොඩගේ පොත් මැදුරෙන් බෞද්ධ පොත පත

ගොඩගේ පොත් මැදුරෙන් බෞද්ධ පොත පත

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පොත්පත් ප්‍රකාශන ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්වූ ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම, බෞද්ධාගම හදාරණ සිසු දරු දැරියන්ටත්, උසස් අධ්‍යාපනයේ නිරත සිසු සිසුවියන්ටත්, පිරිවෙන් අධ්‍යාපනයටත් උපකාරී වන බෞද්ධ කෘති විශාල සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇත. බෞද්ධ දර්ශනය හදාරණ බෞද්ධ නොවන අයටත්, විදේශිකයන්ටත් පහසුකම් සලස්වනු වස් ඉංගී‍්‍රසි භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන්ද වෙනත් භාෂාවන්ගෙන් ද පොත් පළ කිරීම ගොඩගේ ප්‍රකාශන ආයතනයේ වැදගත් කාර්යයකි.

බුදුදහමේ උන්නතියට අදාළ මහා ශබ්දකෝෂ ග්‍රන්ථ රාශියක් ගොඩගේ ආයතනයෙන් ප්‍රකාශයට පත් කර ගෙන යාම තවත් වැදගත් සේවාවකි. නිදසුන් වශයෙන් අලුතෙන් නිකුත් කරන පාලි සිංහල මහා ශබ්දකෝෂය, පිටු දෙදහසකට වැඩි කොටස් හතරකින් යුක්ත ශී‍්‍ර සෝරත මහා ශබ්දකෝෂය , හරිශ්චන්ද්‍ර විජේතුංග මහතාගේ කොටස් හතරකින් යුක්ත සිංහල මහා ශබ්ද කෝෂය නිදසුන් ලෙස දැක්විය හැක.

අපේ බොදු සංස්කෘතික සමාජය ඉදිරියටත් පවත්වාගෙන යාමට මහෝපකාරි වන ආකාරයේ කෘතීන් පළ කිරීම අතින් ගොඩගේ ආයතනය පුරෝගාමී යුග මෙහෙවරක නිරතව සිටී. මෙම ආයතනයේ අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා විසින් ප්‍රබන්ධ කර ඇති “සිත මනස හා ආගම් යන කෘතියත්, පින් පව් කුසල් අකුසල්’ කෘතියත් විවිධ භාෂාවන්ට පරිවර්තනය කර දේශීය පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රජාව සඳහාත් පරිහරණයට නිකුත් කර ඇත.


 

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]